කොටුවේ ඉන්න ත්‍රීවිල් චණ්ඩින්ට වැඩ වරදින ලකුණු

Sri Lanka Police Colombo Sinhala news SriLanka News - Gagana
By Hashini Jul 11, 2025 07:43 AM GMT
Hashini

Hashini

Report

කොටුව දුම්රිය ස්ථානය අසලින් මාර්ගගත ආකාරයට කුලී ත්‍රීරෝද රථ ලබා ගන්නා පාරිභෝගිකයින්ට මෙන්ම එම ත්‍රීරෝද ධාවනය කරන රියදුරන්ට බාධා පමුණුවන පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව පොලීසිය පවසනවා.

මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙන්නේ තවදුරටත් කොටුව දුම්රිය ස්ථානය අසල මෙලෙස ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් අනීතික ක්‍රියා සිදු වන්නේ නම් ඒ පිළිබඳව අසල ඇති පොලිස් මුරපොළ දැනුවත් කරන ලෙසයි.

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

එමෙන්ම මේ පිළිබඳව තොරතුරු ලබා දීමට අවශ්‍යනම් පහත දුරකථන අංකයන්ට ඇමතුම් ලබා දෙන ලෙසද පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

ස්ථානාධිපති කොටුව – 071 8591560

සහකාර පොලිස් අධිකාරී – 071 8591559 

රන් මිල අද දිනත් පියවරක් ඉහළට – පාරිභෝගිකයින් ව්‍යාකූලය්

රන් මිල අද දිනත් පියවරක් ඉහළට – පාරිභෝගිකයින් ව්‍යාකූලය්

ReeCha