හිතෙන ගණන් කියන්න බෑ. - ඉදිරියේදී පොදු ගාස්තුවක්. -ටිකට් එකකුත් දෙයි.
By Wayomi
රට පුරා මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ නියාමනය කිරීමට ඉදිරි මාස දෙකක කාලය ඇතුළත වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඒ අනුව ජාතික ගමනාගමන කොමිසමට මෙම ක්‍රියාවලියේදී බලතල ලැබෙන පරිදි සංශෝධනය කරන ලද පනත නුදුරේදීම අනුමැතියට ඉදිරිපත් කරන බවත් ඔහු සඳහන් කර ඇත බවයි වාර්තා වන්නේ.
ත්‍රී රෝද රථවලින් ගමන් කරන මගීන් සඳහා අය කරන ගාස්තු හා ත්‍රිරෝද රථ රියදුරුගේ විස්තරත් වාහනය අංකයත් හඳුනාගත හැකි වන පරිදි රිසිට් පතක් නිකුත් කිරීමට අනිවාර්ය කරන බවද ඔහු අවධාරණය කරනවා.
ඔහු මේ බව පවසා ඇත්තේ, පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරයකු විමසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්.