මෙරටට පෙට්‍රල්- ඩීසල් ගෙන්වීම නතර වෙයි.? - කැබිනට් අනුමැතියත් සමඟ ලංකාවේ කරන්න යන දේ මෙන්න.

Ceylon Petroleum Corporation Sri Lanka Cabinet Government Of Sri Lanka Petrol diesel price
By Wayomi Jul 11, 2024 04:05 AM GMT
Wayomi

Wayomi

Report

සංවර්ධනය උදෙසා හරිත හයිඩ්‍රජන් තාක්ෂණය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

හරිත හයිඩ්‍රජන් වල අගය එකතු කළ නිෂ්පාදනයක් වන හරිත ඇමෝනියා, දීර්ඝ ගමනාන්තයන් වෙත ගැඹුරු මුහුද හරහා බල ශක්තිය ප්‍රවාහනය කිරීම සඳහා සාම්ප්‍රදායික පොසිල ඉන්ධන වෙනුවට භාවිත කළ හැකි පරිසර හිතකාමී විකල්පයක් ලෙස හඳුනා ගෙන ඇත.

වැඩට ආපු ගුරුවරුන්ට පඩි වැඩි වෙන්නේ මෙහෙමයි. - රජයෙන් විශේෂ දැනුම්දීමක්.- කැබ්නට් අනුමැතියත් හිමිවෙයි.

වැඩට ආපු ගුරුවරුන්ට පඩි වැඩි වෙන්නේ මෙහෙමයි. - රජයෙන් විශේෂ දැනුම්දීමක්.- කැබ්නට් අනුමැතියත් හිමිවෙයි.


බලශක්ති ප්‍රවාහනය සඳහා යොදාගත හැකි වාණිජ හරිත ඇමෝනියා සඳහා වන ඉල්ලුම ගෝලීය වෙළෙඳපොළේ සැලකිය යුතු ලෙස වර්ධනය වෙමින් පවතින බව රජය පවසනවා.

එම ඉල්ලුම 2030 වන විට ටොන් බිලියන ගණනක් දක්වා ඉහළ යනු ඇතැයි ද පුරෝකථනය කර ඇත.

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති සම්පත් වලින් බහුල වීම සහ නැගෙනහිර - බටහිර නාවික මාර්ගයට ආසන්නයේ පිහිටීම වැනි සුවිශේෂ භූගෝලීය වාසි හේතුවෙන් හරිත බලශක්ති නිෂ්පාදකයෙක්, අපනයනකරුවෙක් සහ බලශක්ති කලාපීය කේන්ද්‍රස්ථානයක් වශයෙන් ස්ථාපනය වීම සඳහා වැඩි අවස්ථාවක් පවතින බව රජය පවසනවා.

ක්ලබ් වසන්ත ඝාතනය ගැන ටැටූ ෂොප් හිමිකරු පොලිසියට කළ පාපොච්චාරණය. - (VIDEO)

ක්ලබ් වසන්ත ඝාතනය ගැන ටැටූ ෂොප් හිමිකරු පොලිසියට කළ පාපොච්චාරණය. - (VIDEO)


ඒ අනුව හරිත හයිඩ්‍රජන් / ඇමෝනියා නිෂ්පාදනය සම්බන්ධයෙන් ඉදිරිපත් වන පුද්ගලික අංශයේ ආයෝජන යෝජනා ඇගයීමට ලක් කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අදාළ ආයතනවල නියෝජනයන්ගෙන් සමන්විත ව්‍යාපෘති කමිටුවක් පත් කිරීම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ටියුෂන් ගුරුවරුන්ටත් Tax - බදු ගහන අලුත්ම ක්ෂේත්‍ර 14 මෙන්න.

ටියුෂන් ගුරුවරුන්ටත් Tax - බදු ගහන අලුත්ම ක්ෂේත්‍ර 14 මෙන්න.