ත්‍රිරෝද රථ රියදුරෙක්ද ? අනිවාර්යයෙන් කියවන්න - රුපියල් මිලියන 25ක ඇස්තමේන්තුවක්

Report

සංචාරක ක්ෂේත්‍රයට යෙදෙන ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්පය හා වෘත්තීය ආචාර ධර්මය වඩාත් සුභීත කිරීමේ අරමුණින් “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලය නව වැඩසටහනක් ආරම්භ කර ඇත.

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ, එම වැඩසටහන සම්බන්ධ මුලික සාකච්ඡාවක් ඊයේ (18) එම කාර්යාලයේදී පැවැති බවයි.

මෙම වසරේදී දිවයිනේ සියළුම පළාත්වලින් ත්‍රිරෝද රථ රියදුරන් 10,000ක්ට පුහුණු ලබාදීම මෙහි අරමුණ වන අතර, එය ක්‍රියාත්මක කිරීමට රු. මිලියන 25ක මුදලක් වෙන්කර ඇත.

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

එක් පළාතක වැඩසටහන් 10ක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

මෙම වැඩසටහන මඟින් රියදුරන්ට පහත දෑ පිළිබඳව දැනුම ලබාදීම නියමිතය:

මාර්ග නීති පිළිබඳ අවබෝධයක්

වගකීම් සහගත වෘත්තීය ආකල්පයක් ඇති කරවීම

ප්‍රවාහන සේවා සපයන ආකාරය පිළිබඳ නිවැරදි මාර්ගෝපදේශ

සංචාරකයාගේ අපේක්ෂාවන්ට සරිලන සේවාවන් ලබාදීම.

නාමල් ළඟ තියා ගත්ත ගුවන් සේවිකාවගේ කතාවේ වාර්තා එළියට

නාමල් ළඟ තියා ගත්ත ගුවන් සේවිකාවගේ කතාවේ වාර්තා එළියට

අමතරව, ත්‍රිරෝද රථ රියදුරන් සඳහා විශේෂ මෘදුකාංග යෙදුමක් හඳුන්වාදීමට ද සැලසුම් කර ඇති අතර, එය සංචාරක සේවා ගුණාත්මක කරගැනීමට උපකාරී වේ. මේ අතර, මෙහි තවත් අරමුණු ලෙස පහත කරුණු දැක්වේ:

පාරිභෝගිකයින් සමඟ මිත්‍රශීලී හා ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා යහපත් ආකල්ප වර්ධනය

පුද්ගලික සනීපාරක්ෂාව හා වෘත්තීමය භාවය වර්ධනය

රියදුරන් ක්‍රියාත්මක වන ප්‍රදේශ පිළිබඳ දැනුවත් කිරීම.

රෝහලේ තියන් දුමින්දව රකිමින් අසරණ ජනතාවට වැඩි මුදලට බෙහෙත් දුන් දොස්තර නෝනා

රෝහලේ තියන් දුමින්දව රකිමින් අසරණ ජනතාවට වැඩි මුදලට බෙහෙත් දුන් දොස්තර නෝනා

මෙම වැඩසටහන මඟින් සංචාරක සේවා සපයන ත්‍රිරෝද රථ රියදුරන්ගේ ගුණාත්මකත්වය වර්ධනය කිරීමත්, සංචාරකයින්ට විශ්වාසවන්ත හා නීතියට බද්ධ සේවාවක් සැපයීමත් බලාපොරොත්තු වේ.