වැල්ලවාය - තණමල්විල මාර්ගයේ දරුණු අනතුරක් වාහන තුනක් එකට ගැටේ
තවත් දරුණු අනතුරක් පිළිබඳව වාර්තා වේ.
ඒ අනුව වැල්ලවාය තණමල්විල ප්රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්රදේශයට අයත් කිතුල්කොටේ ප්රදේශයේ දී වාහන තුනක් එකිනෙක ගැටී අනතුරක් සිදුවී ඇත.
බස් රථයක් වෑන් රථයක් සහ මෝටර් රථයක් මෙලෙස එකිනෙකට ගැටීමෙන් අද (17) උදෑසන අනතුර සිදු වී තිබේ. අනතුරින් කිසිවෙකුටත් බරපතළ හානියක් සිදු වී නොමැති අතර රථ වාහනවලට දැඩි හානි සිදු වී ඇත.
අනතුර සම්බන්ධයෙන් තණමල්විල පොලිස් මූලස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන් කරයි.