මෙන්න මේ කඩවල් වලින් ඔයත් කන්න ගියා ද - එහෙනම් ඔක්කොම පැත්තකට දාලා වෛද්‍යවරයෙක් හම්බ වෙන්න යන්න වෙයි?.

Report

ආපන ශාලා හිමියන් තුන් දෙනෙකුට යාපනය මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක දඩයක් නියම කර තිබෙනවා.

මෙන්න මේ කඩවල් වලින් ඔයත් කන්න ගියා ද - එහෙනම් ඔක්කොම පැත්තකට දාලා වෛද්‍යවරයෙක් හම්බ වෙන්න යන්න වෙයි?. | Three Restaurants In Tirunaveli Area Of Jaffna

ඒ යාපනයේ තිරුණවේලී ප්‍රදේශයේ ආපනශාලා හිමියන් තිදෙනෙකුට ය.

එමෙන්ම, එම ආපන ශාලා තුනම තාවකාලිකව වසා දමන ලෙස නියෝගයක් ද නිකුත් කර තිබෙනවා..

තිරුණවේලී මහජන සෞඛ්‍ය පරික්ක්ෂකවරුන්ට ලැබුණු තොරතුරක් මත එම ආපන ශාලා පරීක්ෂා කර ඇත.

එම අවස්ථාවේ දී එම ආපන ශාලා ඇතුළත ඉතා අපිරිසිදු තත්ත්වයෙන් තිබී ඇති බව වාර්තා විය.

EPF ගැන එකවරම විශේෂ තීරණයකට යයි?. මොකක්ද වෙන්න යන්නෙ කියලා දන්නව ද?.

EPF ගැන එකවරම විශේෂ තීරණයකට යයි?. මොකක්ද වෙන්න යන්නෙ කියලා දන්නව ද?.


එහිදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ ආහාර ද්‍රව්‍ය සමග වෙනත් බාහිර බොහෝ දේ මිශ්‍ර වෙමින් තිබූ බවත් කුණු කාණු ආශ්‍රිතව මේ ආපන ශාලා පවත්වා ගෙන ගොස් ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් ආපනශාලා හිමියන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කර ඇත.

එහිදී මහෙස්ත්‍රාත්වරයා අදාළ ආපනශාලා හිමියන්ට තදින් අවවාද කර ඇති බව සඳහන් විය.

ඒ අනුව තාවකාලිකව වසා දැමුණු ආපන ශාලා යළි පවත්වා ගෙන යාම සදහා ඉතා පිරිසිදු හා සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයට ඒවා පත් කොට පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයගේ නිර්දේශ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා ආපන ශාලා හිමියන්ට නියෝග කර ඇත.