චර්යාධර්ම සංග්‍රහයේ පළමු මට්ටමේ වරදක් සිදුකල ක්‍රීඩකයන් තිදෙනෙකුට ICCයෙන් දඬුවම්...

By Piyumika Feb 13, 2025 01:04 PM GMT
Report

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (12) පැවති දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේදී ක්‍රිකට් චර්යාධර්ම උල්ලංඝනය කිරීම හේතුවෙන් පාකිස්තානු ක්‍රීඩකයන් තිදෙනෙකුට ICCය විසින් දඬුවම් පමුණුවා ඇත.

මෙලෙස දඬුවම් හිමිව ඇත්තේ ෂහීන් ෂා අෆ්රිඩි, සවුද් ෂකීල් සහ කම්රාන් ගුලාම් යන ක්‍රීඩකයන් තිදෙනාටය.

තවමත් රජයේ වී ගබඩා හිස්.. ගබඩා අරින්න කියලා අරගල කළ ගොවින්ම දැන් වී ලබාදීම මඟ හරි..

තවමත් රජයේ වී ගබඩා හිස්.. ගබඩා අරින්න කියලා අරගල කළ ගොවින්ම දැන් වී ලබාදීම මඟ හරි..

ඔවුන් ICC චර්යාධර්ම සංග්‍රහයේ පළමු මට්ටමේ වරදක් සිදුකර ඇති බවට කරුණු වාර්තාකර ඇති අතර, ඒ හේතුවෙන් ඔවුන් සියලු දෙනාටම දඩ සහ දඬුවම් ලකුණ බැගින් ලබා දී ඇත.

දකුණු අප්‍රිකානු ක්‍රීඩක මැතිව් බ්‍රීට්ස්කේ ලකුණක් ලබාගැනීමට උත්සාහ කරන අතරතුර ඔහුට බාධාවන අයුරින් මාර්ගය හරස්කිරීම හේතුවෙන් අෆ්රිඩිට දඬුවම් කර තිබේ.

මේ හේතුවෙන් ඔහුට දඬුවම් ලකුණට අමතරව තරග ගාස්තුවෙන් 25%ක දඩයක් නියම කර ඇත. එමෙන්ම ටෙම්බා බවුමා දැවීයාමේදී ඔහුගේ ඉතා සමීපයට ගොස් එම දැවීයාම සැමරීම හේතුවෙන් ෂකීල් සහ ගුලාම්ට දඬුවම්කර ඇත.

රට රස්සාවට ගිහින් අමාරුවේ වැටුණු ඔයාගේ සමීපතමයා ගැන බයෙන්ද හිටියේ..මෙන්න සුබ ආරංචියක්..

රට රස්සාවට ගිහින් අමාරුවේ වැටුණු ඔයාගේ සමීපතමයා ගැන බයෙන්ද හිටියේ..මෙන්න සුබ ආරංචියක්..

ඒ අනුව ඔවුන් දෙදෙනාටම දඬුවම් ලකුණට අමතරව තරග ගාස්තුවෙන් 10%ක දඩයක් නියම කර තිබේ.

ඊයේ අවසන් වූ මෙම තරගයේදී දකුණු අප්‍රිකාව ලබාදුන් ලකුණු 353ක දැවැන්ත ඉලක්කය පහසුවෙන් පසුකර යාමට පාකිස්තානය සමත් වූ අතර, එය ඔවුන් සිය ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරගයකදී හොඳම හඹායාම ලෙස වාර්තා අතරට එක්විය.  

You may like this video