තවමත් රජයේ වී ගබඩා හිස්.. ගබඩා අරින්න කියලා අරගල කළ ගොවින්ම දැන් වී ලබාදීම මඟ හරි..

Sri Lanka Sri Lanka Government Rice
By Piyumika Feb 13, 2025 10:26 AM GMT
Piyumika

Piyumika

Report

වී මිලදී ගැනීම් කටයුතු සඳහා රජය සතු සියලු ගබඩා විවෘත කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.

එහි සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසුවේ මේ වන විට ඇතැම් ගොවීන් විසින් සිය අස්වනු නියැදි පරීක්ෂාව සඳහා වී අලෙවි මණ්ඩලයේ ගබඩා වෙත ලබාදී ඇති බවය.

ඇස් වාට්ටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකට මුළුතැන්ගෙයින් තර්ජන...

ඇස් වාට්ටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකට මුළුතැන්ගෙයින් තර්ජන...

කෙසේවෙතත් මේවන තෙක් වී අලෙවි මණ්ඩලය වෙත ගොවීන් වී ලබා දී නොමැති බවද සභාපතිවරයා සඳහන් කළේය.

මේ අතර ගොවීන් සිය අස්වනු වලින් කොටසක් හෝ වී අලෙවි මණ්ඩලය වෙත ලබා දියයුතු බව අනුරාධපුර මහාවාරි ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පුංචිරාල රත්නායක මහතා අද (13) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. 

"ස්ථානාධිපතිලට නිකන් ඉන්න බෑ. වැඩකරන්න ඕනා" පොලිස් ස්ථානාධිපති කමත් නැති වුනු හදිසි මාරුවීම් ගැන...

"ස්ථානාධිපතිලට නිකන් ඉන්න බෑ. වැඩකරන්න ඕනා" පොලිස් ස්ථානාධිපති කමත් නැති වුනු හදිසි මාරුවීම් ගැන...

"මොන රජයක් ආවත් වතුර ටික පොහොර ටික ඒවා කළමණාකරණය කරලා දෙනවා. ඒක රජයක යුතුකමක්. ඒ යුතුකම වගේම ගොවීන්ගේ යුතුකමකුත් තියනවා. මේ ගබඩා ඇරලා තියනවා. ඒත් වී ගබඩාවක වී මිටියක්වත් නෑ. හිස් ගබඩා පෙන්නද්දි අපටත් දුකක් ඇති වෙනවා. අපි තමයි ගබඩා අරින්න කියලා අරගල කළේ. එහෙම කෑ ගහපු එකේ ප්‍රථිපලයක් තමා වී වලට සහතික මිලක් ලැබිලා තියෙන්නේ. අපේ යුතුකමක් තියනවා සියල්ල නොවේ පුලුවන් ප්‍රමාණයක් ගබඩා වලට දෙන්න. එතකොට ගබඩා ටික නිකම්ම පිරෙනවා. මම යෝජනාවක් හැටියට ගේනවා අපි සර්ව සාධාරණ වෙන්න ඕන. අපි වී ටිකක් රජයේ ගබඩාවලට දෙන්න ඕනා. එහෙම දුන්නහම තමා පාරිභෝගිකයා ආරක්ෂා කරන වැඩපිලිවෙළකට යන්න පුලුවන්.  


You may like this video

ReeCha