ඉන්ධන මිල තීරණය කිරීමේ බලය ගැන අලුත් තත්ත්වයක් - සමාගම් තුනක් අමාත්‍යාංශයෙන් ලිඛිත දැනුම්දීමක් ඉල්ලයි

Report

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් වෙනස්වීම හමුවේ මෙරට අලෙවි කරන ඉන්ධන සඳහා මිල තීරණය කිරීමට බලශක්ති අමාත්‍යාංශයේ නිල ලිඛිත දැනුම්දීමක් අපේක්ෂාවෙන් විදේශීය ඉන්ධන සැපයුම්කරුවන් තිදෙනෙකු සිටින බව වාර්තා වේ.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC), RM Parks සහ Sinopec යන සමාගම් මෙලෙස අමාත්‍යාංශයේ දැනුම්දීම අපේක්ෂාවෙන් සිටින බව Daily Mirror පුවත්පත වාර්තා කර ඇත.

මෙම සමාගම් තුන එක්ව මෙරට ඉන්ධන සැපයුමෙන් සියයට 35ක පමණ ප්‍රමාණයකට දායක වේ.

මහින්ද රෝහල්ගත කළ බවට පැතිරෙන වාර්තා අසත්‍යයි

මහින්ද රෝහල්ගත කළ බවට පැතිරෙන වාර්තා අසත්‍යයි

පෞද්ගලික ඉන්ධන සැපයුම්කරුවන්ට මිල තීරණය කිරීමේ නිදහස පවතින බව බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, අදාළ සමාගම්වලට සමීප ආරංචි මාර්ගයක් සඳහන් කර ඇත්තේ, එක් එක් ඛනිජ තෙල් නිෂ්පාදනය සඳහා අදාළ උපරිම මිල සීමාව සඳහන් කරමින් අමාත්‍යාංශයෙන් ලිඛිත දැනුම්දීමක් ලැබෙන තෙක් මිල තීරණය කිරීමේ කටයුතු ඉදිරියට ගෙන යා නොහැකි බවයි.

අමාත්‍යාංශය හෝ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් උපරිම මිල සීමාවක් ප්‍රකාශයට පත් කළ පසු, ඊට වඩා අඩු මිලකට ඉන්ධන අලෙවි කිරීමට තමන්ට හැකි වන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර තිබේ.

හිටපු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි හදිසියේම අල්ලස් කොමිසමට

හිටපු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි හදිසියේම අල්ලස් කොමිසමට