නිවාඩු දවසට කොහේ හරි ඇවිදින්න යනවා නම් මේ අයට අහුවෙන්න එපා
ශ්‍රී ලංකාවට දෛනිකව සංචාරකයන් අති විශාල ප්‍රමාණයක් මේ වන විට පැමිණෙමින් සිටියි. ඒ අනුව සංචාරක මඟ පෙන්වන්නන් පෙනී ඉදමින් මෙරටට පැමිණෙන සංචාරකයන් මුළාකර මුදල් ලබා ගැනීමේ වංචාවක නිරත වූ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව නාවික හා සංචාරක දිසා කොට්ඨාසයභාර නියෝජ්‍ය පොලිස්පතේ නාලකද සිල්වා මහතාගේ මග පෙන්වීම මත අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් විධාන ගමගේ මහතාගේ උපදෙස් මත විශේෂයෙන් සංචාරක ගමනාන්තයක් වන කොළඹ දිසාවේ සිදු කෙරූ විමර්ශනයක දී මෙම වංචාකාර පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකාර පුද්ගලයන් මෙරට පැමිණෙන සංචාරකයන් අමතා උද්ඝෝෂණ පවතින බැවින් මාර්ග වසා දමා ඇති බවත්, ඒ හේතුවෙන් රථ වාහන තදබද පවතින බවට මුලාකර මෙන්ම එමමාර්ගවල පිහිටි ඇතැම් හෝටල්වල කළමනාකරුවන් ලෙස පෙනී සිටිමින් සංචාරකයන්ට හිරිහැර වන ආකාරයෙන් මෙන්ම මුලා කර දුර බැහැර ප්‍රදේශවලට හෝටල් කරා ත්‍රිරෝද රථ මගින් යොමු කර අසිමිත ආකාරයෙන් මුදල් වංචා කර ඇතැයිද වාර්තා වී ඇතැයි වී යැයි පොලිසිය කියයි.
එම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලට යටතේ පාපැදි ‚ යතුරුපැදි හා ජංගම සංචාර යොදා ගනිමින් විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සංචාරය සඳහා සුදුසු රටක් වශයෙන් විදේශිකයන්ට තවදුරටත් ඒත්තු ගැන්වීම සඳහා සංචාරක කොට්ඨාස පොලිසිය මගින් සිදු කරන විශේෂ ආරක්ෂක දිගින් දිගටම ක්‍රියාත්මක කරන බව ජේෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසීය.