තොන්ඩමන්ගේ සහයත් මාලිමාවට

Report

පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයට බලය පිහිටු වීමට නොහැකි පළාත් පාලන ආයතනවලට බලය පිහිටු විම සදහා ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ජාතික ජනබලවේගය පක්ෂයට ලබා දීමට එම පක්ෂ නායකත්වය තීරණය කර තිබෙනවා.

එහිදී දෙපාර්ශවය අතර සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබුණා.

මාලිමා සභාපතිට පහර දෙයි - ආරක්‍ෂාවට STF කැඳවයි

මාලිමා සභාපතිට පහර දෙයි - ආරක්‍ෂාවට STF කැඳවයි

නුවරඑලිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර, යන දිස්ත්‍රික්කවලට සහ දෙණියාය කොටපොල ප්‍රාදේශීය සභාව සදහා බලය පිහිටු වීමට තම පක්ෂයෙන් ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සදහා තේරි පත් වූ සභිකයන්ගේ සහයෝගය ලබා දීමට එම සාකච්ඡාවලට අනුව එකඟ වී තිබෙනවා.

ලංකා කම්කරු කොංග්‍රසයෙන් ඉල්ලීමක් කර ඇත්තේ ජාතික ජන බලවේගය මගින් දූෂණ වංචා සම්බ්න්ධයෙන් චෝදනා ලබා ඇති පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන් යළිත් පත් නොකරන ලෙසයි.

එම ඉල්ලීම අනුව නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 4ක සභාපතිධූරය පමණක් ලංකා කම්කරු කොංග්‍රසයට ලබා ගැනීමටත් උප සභාපති ධූරය ජාතික ජන බලවේගයට ලබා දීමට එකඟ වී තිබෙනවා. 

ගුවන් යානයක් ගොඩනැගිල්ලක වහලය මතට කඩා වැටේ

ගුවන් යානයක් ගොඩනැගිල්ලක වහලය මතට කඩා වැටේ

අනේ ඇත්තට..හැමදාම වගේ මෙදා පාරත් අර්චුනා කට නිසා නහී

අනේ ඇත්තට..හැමදාම වගේ මෙදා පාරත් අර්චුනා කට නිසා නහී