නාමල් 2029 ජනපති කරනකල් මේ ගේම් එක මම අතඅරින් නෑ,මා දුටු දුටුගැමුණු ඔබයි - නිලනොලත් ජනපති තිස්ස
අද දින අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් තිස්ස කුට්ටිආරච්චි මහතා අදහස් රැසක් ප්‍රකාශ කර තිබේ. එහිදී ඔහු සඳහන් කළ ප්‍රධාන කරුණු අතර ඔහු ජීවමානව දුටු එකම දුටුගැමුණු රජු මහින්ද රාජපක්ෂ බව පුන පුනා ප්‍රකාශ කළේය.
එමෙන්ම ඔහුගේ දෙමව්පියන්ට පසුව ජීවිතයේ ඔහු ගරු කරන ඊළඟ පුද්ගලයාත් මහින්ද රාජපක්ෂ බව මේ අවස්ථාවේදී ඔහු සිහිපත් කළේය.
එමෙන්ම 2029 වර්ෂය වන විට මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ මෙරට ජනාධිපති වන බවට කිසිදු සැකයක් නොමැති බවත්,ඔහු ඒ වෙනුවෙන් දිවි හිමියෙන් කැපවී වැඩ කරන බවත් සඳහන් කළේය.
ඒ වගේම කූඹියෙක්වත් ගහලා මරන්නැති ඔහු අනිවාර්යෙන්ම දෙයක් කිව්වොත් ඒක කරලා තමයි පස්සේ බලන්නේ කියලත් මේ අවස්ථාවේ සඳහන් කළේය.
ඒ වගේම තවත් සමහරක් දෙනා ඔහුට අනුරාධපුර ප්‍රදේශයට ඇවිදින් ඡන්ද රැළි පැවැත්වීමට ඉඩ නොදෙන බවට තර්ජනය කර තිබේ.ඒ අවස්ථාවේදී තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ ඔහුට දේශපාලනය කිරීමට උතුර ද දකුණ ද නැගෙනහිර ද කියා කිසිදු ප්‍රශ්නයක් නොමැති බවයි.
එම නිසා පුළුවන් අය අපිත් එක්ක ඉන්න බැරි අය යන්න යනුවෙන් ඔහු අවසානයේ ප්‍රකාශ කළේය.