පුෂ්පිකාගේ ඔටුන්න ගලවපු අය ගැන සාක්ෂි විභාගය නැවතත්
2021 වසරෙදි කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය ජයග්රහණය ලැබුවේ පුෂ්පිකා ද සිල්වා මහත්මියයි.
නමුත් ඇයට පැළඳු කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇයට තුවාල සිදු කළ බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු විවාහ රූ රැජිනක් වූ කැරලයින් ජූරි හා මෝස්තර ශිල්පිනියක් වන චූලා පත්වේන්ද්ර යන දෙදෙනාටම එරෙහිව අධිකරණයේ පවතින නඩුව එළඹෙන නොවැම්බර් 10 වන දින නැවත කැඳවීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කර ඇත.
එදිනට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි කැඳවීමට නියමිත බවයි කුරුඳුවත්ත පොලිසිය සඳහන් කළේ, සිද්ධියට අදාළ එක් විත්තිකරුවෙකු විසින් අද අධිකරණයේදී සාක්ෂි ලබා දීම සිදු කළා.
සිද්ධියට අදාළ වීඩියෝ දර්ශනද අද අධිකරණයට පෙන්වමින් නඩු විභාගය සිදුවුවා. සිද්ධියට අදාළ වැඩිදුරටත් සාක්ෂි විභාගය මීළඟ නඩු දිනයේදී සිදු කිරීමට මහේස්ත්රාත්වරයා එහිදී නියෝග කළා.
[VV9EHQV