"06 කාමරයේ කෙලවරේ ඇඳේ හිටපු ඔබ අද රටේ ජනාධිපති.." - රටම ආදරය කරන ජනාධිපති අනුර ගැන එකම හොස්ටල් එකේ හිටිය යාලුවා කීව දෙය මෙන්න..(PHOTO)

Facebook Anura Kumara Dissanayaka President of Sri lanka Latest Headlines
By krishani Sep 25, 2024 12:27 PM GMT
krishani

krishani

Report

ඇත්තටම සමහර යාළුකම් කියන්නේ හරිම පුදුමාකාර දෙයක්.

අද අපි කියන්න යන්නෙත් ඒ වගේ හරි ලස්සන යාලුකමක් ගැන.

ඒ යාලුකම කියලා තියෙන්නේ වෙන කවුරුත් නෙමෙයි.රටම දන්න ගුරුවරයෙක්.

ඒ ගමන මොකක්ද?. උඩු දුවලම ගිය ශිෂ්‍යත්ව විභාගය ගැටලුව.. ඔක්තෝබර් 07වෙනිදා දක්වා දුන්න නියෝගය මෙන්න..

ඒ ගමන මොකක්ද?. උඩු දුවලම ගිය ශිෂ්‍යත්ව විභාගය ගැටලුව.. ඔක්තෝබර් 07වෙනිදා දක්වා දුන්න නියෝගය මෙන්න..


ඒ තමයි තිස්ස ජනනායම ආදරණීය ගුරුතුමා.

ඔහුගේ ඒ අපුරු මිතුරා තමයි.රටම ආදරය කරන ආදරණීය රටේ ජනාධිපති.

එනම්, පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් මෙරට නව වන විධායක ජනාධිපති වුණ අනුර කුමාර දිසානායක මහතා.

ඒ මහතාගේ පත්වීමෙන් අනතුරුව දසතින්ම සුබපැතුම් ගලා ආවා.

ඉතිම් ඒ අතර බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු සුබපැතුම එක්කර තිබුණේ ප්‍රවීණ දේශක තිස්ස ජනනායක හෙවත් කාගෙත් ආදරය දිනාගත්ත චරිතයක් වුණ තිස්ස සර්.

ආණ්ඩු වෙනස් වෙලා දවස් කිහිපයයි.. ඊයේ එක්ක බලද්දි අද ඩොලරයට වුණ දෙය මෙන්න..(PHOTOS)

ආණ්ඩු වෙනස් වෙලා දවස් කිහිපයයි.. ඊයේ එක්ක බලද්දි අද ඩොලරයට වුණ දෙය මෙන්න..(PHOTOS)


ඔහු වසර ගණනක මිතුදමත්, ලැබුණු ජයග්‍රහණයත් ගැන සිය මිතුරා වෙනුවෙන් මුහුණු පොතට එකතු කරලා තිබුණේ මෙන්න මේ වගේ සටහනක්.

උපුටා ගැනීම..

ආදරණීය අනුර අයියේ,

කැලණිය විශ්ව විද්‍යාලයේ 1993 වසරේ රොනී කුමාර (පොල් වත්ත) නේවාසිකාගාරයේ හයවෙනි කාමරයේ කෙලවරේ ඇඳේ හිටපු ඔබ අද රටේ ජනාධිපති ලෙස පත්ව ඇත.

එතරම් ළඟින් ඇසුරු කළ ඔබ රටේ ජනාධිපති වීම මට ජීවිතයේ අත්විදි ලොකුම සතුටකි.

දේශපාලනයේ දී පසු ගිය කාලයේ ලැබූ අමිහිරි අත්දැකීම් මත, ලංකාවේ සමහර මිනිසුන් පිළිබඳ ඇතිවූ කලකිරීම හේතුවෙන් සක්‍රිය දේශපාලනයට සහභාගී නොවුනත්, ඔබේ ජයග්‍රහණය මම සැබැවින්ම ප්‍රාර්ථනා කළෙමි.

මේ මොකක්ද වුණේ?. ඉක්මනින්ම තීරණයකට යන්න වෙයි.. ජී. 07 රටවල් වලින් එකපාරටම රතු එළියක්..

මේ මොකක්ද වුණේ?. ඉක්මනින්ම තීරණයකට යන්න වෙයි.. ජී. 07 රටවල් වලින් එකපාරටම රතු එළියක්..


ඒ පිළිබඳ මට කල හැකි නිහඬ සේවය ඉටු කළෙමි.

එමෙන්ම, විශ්ව විද්‍යාල ජීවිතයේදී ඔබ සමඟ වෛරයෙන් පසුවූ ඇතැමුන් පසුගිය කාලයේදී ඔබේ ළඟම උදව්කරුවන් වී සිටින බව දැකීම මට සතුටක් ලබා දී ඇත.

මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සියලු ජනතාව වෙත මහත් වගකීමක් පැවරී ඇත.

නව ජනපතිගේ, නව අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දෙන හැටි.. මාලිමාවේ විජිත හේරත් කියයි..

නව ජනපතිගේ, නව අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දෙන හැටි.. මාලිමාවේ විජිත හේරත් කියයි..


එනම්, නව ජනාධිපතිතුමාට සහයෝගය දැක්වීමයි.

ජනාධිපති ධුරයට පත්වීමට වඩා බැරෑරුම් කාර්‍යක් වන්නේ දෙස් විදෙස් කුමන්ත්‍රණවලට මුහුණ දීමයි.

ඒ අභියෝග ජය ගැනීමට ඔබට ශක්තිය හා දෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

-තිස්ස ජනනායක-

2024.09.22

උපුටා ගැනීම අවසන්..

 

Gallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%