මොකක්ද මේ ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ගැන ගන්න යන දැඩි තීරණය..(VIDEO)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩි තීරණය ගැනීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පැවසීය .
ඉන්දියාව සමඟ ඊයේ (28) නිමා වූ දෙවන විස්සයි විස්ස තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි කණ්ඩම්බි මේ බව සදහන් කළේ .
ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ කඩා වැටීම සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් තිළිණ කණ්ඩම්බිගෙන් ප්‍රශ්නකර සිටියේය .
එහිදී ඔහු සඳහන් කළේ කණ්ඩායමේ සිටින මැදපෙළ පිතිකරුවන් මෙලෙස දිගින් දිගටම අසාර්ථක වනවා නම් සංචිතයේ සිටින දක්ෂ නවක ක්‍රීඩකයින්ට එම අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවයි.
ඉන්දීය කණ්ඩායම සමඟ පැවති පළමු 20-20 තරග දෙකේදී ම ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය කැපී පෙනෙන සිදුවීමක් වූ අතර මේ හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිමට අනවශ්‍ය පීඩනයක් එක්වූ ආකාරය එම තරග දෙක තුළ දී දැක ගැනීමට හැකියාව ලැබුණි .
