වහාම මේ අය ආරක්ෂිත ස්ථානයන් කරා යන්න..ඉදිරි පැය 24 තීරණාත්මකයි..

Report

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා.

සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.

අරාබි මුහුදු ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 1ද ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 55 ත් 67 ත් මුහුදු ප්‍රදේශ වල පැයට කිලෝමීටර් 70 – 80 ඉතා තද සුළං පවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

අගෝස්තු 01 වනදා සිට දීමනාව 8000 දක්වා ඉහළ දමයි..පිරිසකට සතුටුදායක ආරංචියක්..

අගෝස්තු 01 වනදා සිට දීමනාව 8000 දක්වා ඉහළ දමයි..පිරිසකට සතුටුදායක ආරංචියක්..


මේ හේතුවෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ, අදාළ ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසයි.

එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යත්‍රා නොකරන ලෙස එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී ඇත.

මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවත්, ඇතැම් ස්ථානවලමි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව අදාල නිවේදනයේ සඳහන්වේ.

මිථුන,තුලා,ධනු සහ මකර ලග්නයේ නම් අද ඔබ අනිවාර්යෙන් දැඩි විමසිල්ලෙන් වැඩ කරන්න..

මිථුන,තුලා,ධනු සහ මකර ලග්නයේ නම් අද ඔබ අනිවාර්යෙන් දැඩි විමසිල්ලෙන් වැඩ කරන්න..


වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-55) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක බවයි.