රේන්ජ් රෝවර් රියදුරු බලා සිටියදී වමට කැපුවා - රේන්ජ් රෝවර් රියදුරු සියල්ල වමාරයි

Report

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිදුවූ බිහිසුණු බස් අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති අතර, 18 දෙනෙකු තුවාල ලබා ඇත. එම අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයක් බස් රථයට එරෙහිව පැමිණි අතරතුරයි.

ජීප් රියදුරු පවසන පරිදි, අධික වේගයෙන් පැමිණි බස් රථය ඔහුගේ රථය නොදුටු බවත්, වේගය පාලනය කරගත නොහැකිව බස් රථය වම් පසට කපා, ප්‍රපාතයක ආරක්ෂිත වැටක වැදී ඇද වැටී ඇති බවත්ය. ජීප් රථයේ පිටුපස කොටසටද සීරීම් තුවාල සිදුව ඇත.

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

පොලිස් විමර්ශනවලට අනුව, අනතුරට ප්‍රධාන හේතුව බස් රථයේ අධික වේගය සහ රියදුරුට රථය පාලනය කරගත නොහැකි වීමයි. සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළේ, මියගිය 16 දෙනා සහ තුවාල ලැබූ 18 දෙනා අතර ළමුන් 5 දෙනෙකු සිටින බවයි. බස් රථයේ ගමන් කළේ තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් බවද ඔහු සඳහන් කළේය.

මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු දියතලාව, බදුල්ල, සහ බණ්ඩාරවෙල රෝහල්වල මෘත ශරීරාගාරවල තැන්පත් කර ඇත. ඇල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.  

ඇල්ල මාරක අනතුරින් මිය ගිය අයට රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි

ඇල්ල මාරක අනතුරින් මිය ගිය අයට රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි

කෙහෙල්බද්දර පද්මේගෙන් තවත් හෙළිදරව්වක් - අයිස් මත්ද්‍රව්‍ය හදන්න ගන්නා අමුද්‍රව්‍ය කිලෝ 50,000ක්

කෙහෙල්බද්දර පද්මේගෙන් තවත් හෙළිදරව්වක් - අයිස් මත්ද්‍රව්‍ය හදන්න ගන්නා අමුද්‍රව්‍ය කිලෝ 50,000ක්

මේ ලග්න හිමියන් අද ප්‍රවේශම් වන්න - අලුත් වැඩක් පටන් ගන්න අද ඔයාට කොහොමද

මේ ලග්න හිමියන් අද ප්‍රවේශම් වන්න - අලුත් වැඩක් පටන් ගන්න අද ඔයාට කොහොමද

කොමර්ෂල් බැංකුවේ සියලුම ගණුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

කොමර්ෂල් බැංකුවේ සියලුම ගණුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්