ත්‍රිරෝද රථයේ රෝදය සවිව තිබූ ඇක්සලය කැඩී සිදු වූ බිහිසුණු අනතුර..(PHOTO)

By Piyumika Sep 03, 2024 05:42 AM GMT
Report

බදුල්ල මහ රෝහලේ සායනයකට ගොස් ආපසු එමින් සිටි පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් ඊයේ (02) සවස බදුල්ල – මහියංගන මාර්ගයේ දොළොස්වන සැතපුම් කණුව ආසන්නයේ දී අනතුරකට ලක් වී තිබේ .

වරායේ නවතා තිබු කන්ටේනරයේ තිබූ දේ..

වරායේ නවතා තිබු කන්ටේනරයේ තිබූ දේ..

ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයේ ඉදිරිපස රෝදය සවිව තිබූ ඇක්සලය කැඩී රථය රියදුරු පාලනයෙන් ගිලිහී ගොස් ඉදිරිපසින් පැමිණි බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

 ත්‍රීරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ සැමියා, බිරිඳ සහ ලේලිය බරපතල තුවාල ලබා මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්‍ෂණ රෝහල වෙත මාරු කෙරුණි .

පරාජය දරා ගැනීමට නොහැකිව කරපු දෙයක්..

පරාජය දරා ගැනීමට නොහැකිව කරපු දෙයක්..

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මීගහකිවුල, කරදගහමඩ, අලුකෑල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 73, 67 සහ 43 යන වයස්වල පසුවන එකම පවුලක සාමාජිකයින් පිරිසකි .

ත්‍රීරෝද රථය බස් රථයේ ගැටීමත් සමග බස් රථයේ සිටි වයෝවෘද්ධ කාන්තාවගේ අතක් සහ පාදයක් බිඳී ගොස් ඇති අතර සෙසු දෙදෙනාටද අනතුරින් තුවාල සිදුව නැත.

ත්‍රිරෝද රථයේ රෝදය සවිව තිබූ ඇක්සලය කැඩී සිදු වූ බිහිසුණු අනතුර..(PHOTO) | The Three Wheeler Collided With The Bus

ත්‍රිරෝද රථයේ රෝදය සවිව තිබූ ඇක්සලය කැඩී සිදු වූ බිහිසුණු අනතුර..(PHOTO) | The Three Wheeler Collided With The Bus