වරායේ නවතා තිබු කන්ටේනරයේ තිබූ දේ..

Report

කොළඹ වරායේ UTC අංගනය වෙත පැමිණි කන්ටේනරයක එන්ජින් කොටසේ එහි සහායකයා හිටිහැටියේ මියගොස් ඇතැයි වෙරළ බඩ පොලිසිය වාර්තා කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, අංගොඩ ප්‍රදේශයේ පදිංචි බී.පි අරුණ පුෂ්පකුමාර (57) නැමැති අයෙකි.

රට රැකියාවට යන ඔබට සුබ පණිවිඩයක්..

රට රැකියාවට යන ඔබට සුබ පණිවිඩයක්..

මියගිය පුද්ගලයා සිය සහෝදරයා සමග ඉකුත් සෙනසුරාදා (31) භාණ්ඩ නිදහස් කර ගැනීම සඳහා පැමිණ අනෙකුත් කන්ටේනර සමග එක පෙළට නවතා තිබී ඇති අතර සහෝදරයා පෙරේදා (01) නිවස කරා ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම ස්ථානයේ නවතා තිබූ කන්ටේනර් රථ පහක් එම ස්ථානයෙන් භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා පිටව ගියද මෙම කන්ටේනර් රථය එම ස්ථානයේම නවතා තැබීම සම්බන්ධයෙන් ආරක්ෂක නිලධාරියකු සොයා බැලීමේදී මෙම පුද්ගලයා රියදුරු අසුනට පිටුපස අසුනේ වැතිරී සිටින අයුරු දැක ඇත.

පරාජය දරා ගැනීමට නොහැකිව කරපු දෙයක්..

පරාජය දරා ගැනීමට නොහැකිව කරපු දෙයක්..

පසුව ඔහුට කතා කර ඇති අතර ප්‍රතිචාරයක් නොලද හෙයින් ඒ පිළිබඳ පොලිසිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව එහි ගිය පොලිස් නිලධාරීන් සිදු කළ පරික්ෂාවේදී එම පුද්ගලයා මියගොස් ඇති බවට තහවුරු කරගෙන තිබූ බව පොලිසිය පැවසීය .

මරණයට හේතුව දැන ගැනීම සඳහා මළ සිරුර පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.