පරාජය දරා ගැනීමට නොහැකිව කරපු දෙයක්..

Report

ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් මැදවච්චිය ආසනයේ කිරිගල්ලෑව කොට්ඨාසයේ ස්ථාපිත කර තිබූ සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයකට යම්කිසි පිරිසක් විසින් පෙරේදා (01 වැනිදා) අසූචි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මසක සිරදඩුවමට ගිය රැදවියකු හදිසියේ අත් වුනු ඉරණම ..

මසක සිරදඩුවමට ගිය රැදවියකු හදිසියේ අත් වුනු ඉරණම ..

එම ක්‍රියාව ජනතා විමුක්ති පෙරමුණේ මැර කණ්ඩායම් විසින් සිදු කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණ පරණ කණ්ඩායම් ඔවුන්ගේ පරාජය දරා ගැනීමට නොහැකිව නැවත සක්‍රීය වෙමින් ජනතාව බියට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් එම ස්ථානයට පැමිණ තම පාක්ෂිකයන් හමු වූ සමගිජන බලවේගයේ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහණ බණ්ඩාර ප්‍රකාශ කළේය.

කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ පළමු වරට ඇසෙන කතාවක්..

කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ පළමු වරට ඇසෙන කතාවක්..

ජනතා විමුක්ති පෙරමුණේ පිරිස තමාගේ මතවාදයන්ට අහිංසක ජනතාව අවනත නොවන්නේ නම් මෙවැනි ක්‍රියා සිදු කරන බවත් එවැනි මර්දනය හරහා භීෂණය ඉස්මතු කරමින් ඔවුන් තම නොහැකියාව පෙන්වමින් සිටින බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර පොලිසිය විසින් සිදුවීම පිළිබඳ විමර්ශන සිදුකරයි.