අද තරගය තීරණාත්මකයි..ලකුණු 250ක් ගත්තොත් තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම අතට...

Report

සත්කාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය තුන්වන දිනටත් අදයි. මෙම තරගයේ තීරණාත්මක දිනය අද දවස බව ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පවසනවා.

තරගයේ දෙවන දිනය වූ ඊයේ දිනය අවසානයේ මාධ්‍ය හමුවට එක්වෙමින් කණ්ඩම්බි මේ බව සඳහන් කළා. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ අද දිනයේ දී තවත් ලකුණු 250ක් පමණ ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කිරීමට හැකියාව ලැබුනහොත්; අද දිනය අවසන්වන විට තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම අතට පත්කර ගත හැකි බවයි.

යථාර්ථයක් වූ මායාව...හැරී පෝටර්ගේ නොපෙනෙන සළුවද මේ..(VIDEO)

යථාර්ථයක් වූ මායාව...හැරී පෝටර්ගේ නොපෙනෙන සළුවද මේ..(VIDEO)

ගැබා හී ශාන්ත ජේම්ස් පාක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනට ඊයේ (06) තරගය නතර කරන විට ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා කඩුලු 03ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 243ක්. ඒ, අනුව ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 116 ක් පසුපසින් සිටින්නේ කඩුලු 07ක් අතැතිවයි.

දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී පළමු ඉනිම සඳහා ලකුණු 358ක් රැස් කළා. නොදැවී කඩුල්ලේ රැදී සිටි කමිඳු මෙන්ඩිස් ලකුණු 30ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 40ක් රස්කරෙගන සිටියා.

වන්දි ඕනේ නම් 10 වැනි දාට පෙර දැනුම් දෙන්න..

වන්දි ඕනේ නම් 10 වැනි දාට පෙර දැනුම් දෙන්න..

මේ අතර ඇන්ජලෝ මැතිව්ස් ඊයේ සිය ටෙස්ට් ලකුණු 8,000 සීමාව පසුකර යෑමට සමත් වුණා.

ඒ, අනුව ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 8,000 සීමාව පසුකළ තුන්වන ක්‍රීඩකයා බවට පත් වූ අතර, කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන එම සීමාව පසුකළ අනෙක් ක්‍රීඩකයින් දෙදෙනායි.

You may like this video