වන්දි ඕනේ නම් 10 වැනි දාට පෙර දැනුම් දෙන්න..

Sri Lanka Floods In Sri Lanka K.D. Lalkantha
By Piyumika Dec 07, 2024 06:42 AM GMT
Piyumika

Piyumika

Report

පසුගිය දිනවල පැවති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් සිදු වූ වගා හානි පිළිබඳ ලබන 10 වැනි දාට පෙර දැනුම් දෙන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවට දැනුම් දෙයි.

දන්නැද්ද ඉතින් ඩාම් වෙනවා.. ඩුම් වෙනවා ..පාතාලයේ වැරදුනු කුරුමානම..

දන්නැද්ද ඉතින් ඩාම් වෙනවා.. ඩුම් වෙනවා ..පාතාලයේ වැරදුනු කුරුමානම..

එහි සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා සඳහන් කළේ, අනතුරුව නිලධාරීන් ගොවිබිම් වෙත ගොස් හානිය ඇස්තමේන්තු කරන බවයි.

ජලයෙන් යට වූ වගා බිම් 25%කට පමණ හානි වී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර ජලයෙන් යටවී පූර්ණ හානි වූ වගාබිම් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් ගෙවන බව නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ ය.

භයානක අනාවරණයක්..හදුනා ගත පිරිසෙන් 68ක්ම වාහකයන්..

භයානක අනාවරණයක්..හදුනා ගත පිරිසෙන් 68ක්ම වාහකයන්..

තව ද පසුගිය දිනවල ඇති වූ අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් වගා සඳහා සිදු වූ හානි යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා සහය ලබාදිය හැකි බව ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි. එම සංවිධානයේ නියෝජිතයින් ඒ බව පවසා ඇත්තේ, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා සමග පැවැති සාකච්ඡාවකදීයි.  

You may like this video

ReeCha