බෝංචි මිලට මෙහෙම වෙයි කියලා හිතුණේ නෑ නේද?. වැස්සෙ ඇස් උඩ යන්නම ගිය ගාණ මෙන්න..
මේ වන විට වෙළෙඳපොළේ යළිත් බෝංචි මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද(22) පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ බෝංචි කිලෝවක තොග මිල සටහන් වූයේ රු.500ත් රුපියල් 550ත් අතර අගයක ය.
එමෙන්ම, අස්වනු හිගයත් සමඟ අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවල ද බෝංචි තොග මිල රු.400 ඉක්මවා තිබූ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය සඳහන් කළේ ය.
තව ද, අද මැනිං වෙළඳපොලේ දෙහි කිලෝවක තොග මිල සටහන් වූයේ රුපියල් 900ත් 1000ත් අතර අගයක් ය.
මේ අතර, එළඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.
ඒ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ශිතතා අමාත්‍යයංශයේ උපදෙස් පරිදි ය.
කෙසේ වෙතත්, දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද දින එනම් 2024.05.22 සිට ලබා ගත හැකිය.
ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහතින්,