ශ්‍රී ලංකාවේ අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලය සහ ජනපති අතර හමුවක්

Report

ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව සිටින අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

යුදමය තත්ත්වයත් සමග මැදපෙරදිග කලාපයේ රටවල් මුහුණ දී ඇති අභියෝග සහ විශේෂයෙන් එම රටවල සාමයට, ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට එල්ල වී ඇති තර්ජන පිළිබඳව තානාපතිවරුන් විසින් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ. 

මැදපෙරදිග කලාපයේ කඩිනමින් සාමය ස්ථාපිත වීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, යුද්ධයට සම්බන්ධ වී නොමැති මැදපෙරදිග කලාපීය රටවලට එල්ල වන ප්‍රහාර පිළිබඳව සිය කනස්සල්ල පළ කළ අතර, එම ප්‍රහාර කිසිසේත් අනුමත නොකරන බවද ප්‍රකාශ කළේය.

සහන දෙනවා කිව්වට පස්සේ බලද්දී සහන අතුරුදහන් - නාමල්ගෙන් රජයට කටඋත්තර නැති වෙන්න ප්‍රකාශයක්

සහන දෙනවා කිව්වට පස්සේ බලද්දී සහන අතුරුදහන් - නාමල්ගෙන් රජයට කටඋත්තර නැති වෙන්න ප්‍රකාශයක්

එමෙන්ම, මැදපෙරදිග කලාපීය රටවල් ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය මෙහිදී අගය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, විශේෂයෙන් බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීමට මෙන්ම, විදේශ රැකියා සහ සංචාරක කර්මාන්තයට අදාළව ලබා දෙන දායකත්වයද ඇගයීමට ලක්කළේය.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් මැදපෙරදිග කලාපයේ රටවල රැකියාවල නිරත වන අතර, පවතින යුදමය තත්ත්වය හමුවේ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවධානය යොමු කර කටයුතු කිරීම පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී ස්තූතිය පළ කළේය.

එසේම, මැදපෙරදිග කලාපයේ රටවල සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් තනි රටක් ලෙස සහ සාමුහිකවත්, ජාත්‍යන්තර නීතියට අනුකූලව ශ්‍රී ලංකාවට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට කටයුතු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය. 

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති සහ අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලයේ ප්‍රධානී Khaled Nasser Sulaiman AlAmeri, ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති Khalid Hamoud Nasser Alkahtani, ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති Ahmed Ali Saeed Al Rashdi, ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති Adel Ibrahim, ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති Ihab I.M. Khalil, ශ්‍රී ලංකාවේ කටාර් රාජ්‍යයේ තානාපති Hamad Mohammed Abdullah Al – Sanad Al – Dosari, කොළඹ පිහිටි ඉරාක තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරී Anmar A.A. Al-Emin, කොළඹ පිහිටි කුවේට් තානාපති කාර්යාලයේ වැඩබලන කාර්යභාර නිලධාරී Abdullah A.M.A. Almuhana, කොළඹ පිහිටි ලිබියානු තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරී Faek B.T. Aboud යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූ අතර කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද එක්ව සිටියහ.

පොලීසියෙන් රට පුරා දැවැන්ත මෙහෙයුමක්

පොලීසියෙන් රට පුරා දැවැන්ත මෙහෙයුමක්