සහන දෙනවා කිව්වට පස්සේ බලද්දී සහන අතුරුදහන් - නාමල්ගෙන් රජයට කටඋත්තර නැති වෙන්න ප්‍රකාශයක්
අද දින (08) රැස් වූ පාර්ලිමේන්තුවේදි, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රජපක්ෂ විසින් පවතින රජයට හා එහි ක්‍රියාවලිය ගැන චෝදනා රැසක් එල්ල කර ඇත.
ඔහු පවසා සිටියේ,
"දැන් ගමට එන්න කියනවා.ගිහින් බලන්න උත්තරේ හම්බවෙයි.දැන් සහන ගැන කතා කරානේ.ඔය විදිහටම ගිය ප්‍රාදේශීය සභා මැතිවරණෙට කිව්වා සිංහල අලුත් අවුරුද්දට රු.20000ක බඩු මල්ලක් දෙනවා කියලා දැන් ඒ මල්ල නෑ. ඒක ගැන බජට් එකෙත් තිබ්බා.දීපු බඩු මල්ලක් නෑ.ඔහොම තමා දිට්වා වෙලාවෙත් කිව්වේ.ටකරමක් ගියත් ලක්ශ 10ක් දෙනවා කිව්වා.ඉඩමට ලක්ශ 50ක් දෙනවා.කිව්වා අන්තිමේ දුන්න චෙක් ටිකත් රිටන් වුණා.දැන් ඊයේ ඇවිත් සහන ගැන කිව්වා.ඒවත් ඔහොම තමා.ඔයගොල්ලෝ බදු සහන දෙනවා කිව්වට මේ රටේ කුඩා හා මධ්‍ය ප්‍රමාණෙ ව්‍යවසායකයා ඉවරයි.
ඔබේ බදු ප්‍රතිපත්තියෙන් ලාබ ලබන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයා විතරයි.ගමේ මිනිස්සුන්ට අමාරුයි.ජීවන වියදම වැඩී.හාල් මිල 300%කින් වැඩිවෙලා.හැබැයි ගොවියාගේ ආදායම 100%කින් වත් වැඩි වෙලා නෑ. 2025 පස්සේ හාල් පිටින් ගේන්නෑ කිව්වා.ඒත් දැන් ගේනවා.පරස්පර විරෝධි ප්‍රකාශ.ඒ වගේම ගලඅගුරු ගෙන්වීමෙත් ප්‍රශ්ණයක් නෑ කිව්වා.දැන් ජනාධිපති ඊයේ ඇවිත් කියනවා ගල් අගුරු කාලා බලලා ගේන්න බෑ කියලා. මැදපෙරදිග යුද්ධෙ එදි අගෝස්තු වෙනකම් තෙල් තියෙනවා කිව්වා.හැබැයි දැන් නහයෙන් අඩනවා." ලෙසයි.