අභිනව ආණ්ඩුවේ අගමැති හරිනි?. එතකොට සිව් දෙනාගෙන් අමාත්‍යාංශ බෙදී යන්නේ කොහොමද?. පාර්ලිමේන්තුවත් රෑම විසිරුවා හරී ද?. (UPDATE)

Report

UPDATE;

අද (24) පස්වරුවේ දී, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බවට වාර්තා වේ.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් නිපුණාරච්චි මහතා සඳහන් කළේ අද දින පස්වරුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ කඩ ඇති බව ය.

මාලිමාවේ හරිනි, එකවරම මොකක්ද මේ කරලා තියෙන්නෙ?.

මාලිමාවේ හරිනි, එකවරම මොකක්ද මේ කරලා තියෙන්නෙ?.


එමෙන්ම, නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හරිනි අමරසුරිය පත් කිරීමට නියමිතව ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ය.

මේ වන විට, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයන් දරන සිව් දෙනෙකු සිටින අතර ඔවුන් අමාත්‍යවරුන් වශයෙන් අමාත්‍යංශය 15 බෙදී යනු ඇති බව වාර්තා වේ.

ආයෙ තියයි ද?. උඩු දුවලම ගිය, ශිෂ්‍යත්ව විභාග ගැටලුව ගැන.. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

ආයෙ තියයි ද?. උඩු දුවලම ගිය, ශිෂ්‍යත්ව විභාග ගැටලුව ගැන.. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


කෙසේ වෙතත්, අමාත්‍ය ධුර ලබා දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව අද (24) රාත්‍රී යේදී විසුරුවා හරින බව ද එම පක්ෂයේ දේශපාලන ආරාංචි මාර්ග වැඩිදුරටත් කියා ඇත.

----------------------------------------------

අභිනව ජනපති, යටතේ පිහිට වන නව කැබිනට් මණ්ඩලය අද දිව්රුම් දෙයි?.

අද (24) දිනයේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ පිහිටුවනු ලබන නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇති බව වාර්තා වේ.

කතානායකවරයා, නව ජනාධිපති අනුර කුමාරට එකවරම කීව දෙය..

කතානායකවරයා, නව ජනාධිපති අනුර කුමාරට එකවරම කීව දෙය..


දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මහ මැතිවරණය පැවැත්වීමේ අරමුණින් මෙම දිවුරුම් දීම සිදුවනු ඇති බවයි.

දිව්රුම් දුන් විගස, නව ජනාධිපති අනුර කුමාර දිසානායක සිදු කළ දෙය..ගැන රටම කතා වෙයි..(PHOTOS)

දිව්රුම් දුන් විගස, නව ජනාධිපති අනුර කුමාර දිසානායක සිදු කළ දෙය..ගැන රටම කතා වෙයි..(PHOTOS)


මේ අතර, අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග ඔහුගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාගේ නම විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කරනු ලැබීය.

අනුර කුමාරගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුනට අලුතෙන් ආ කෙනා මෙන්න.. වහාම ගැසට්ටුවකුත්.. (PHOTO)

අනුර කුමාරගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුනට අලුතෙන් ආ කෙනා මෙන්න.. වහාම ගැසට්ටුවකුත්.. (PHOTO)


ඒ අනුව ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජනාධිපතිවරයා ද ඇතුළුව සිව්දෙනෙකු පාර්ලිමේන්තුවේ රැඳී සිටින අතර ඔවුන්ට කැබිනට් අමාත්‍ය ධුර හිමිවනු ඇත.

ඒ අනුව නව පාර්ලිමේන්තුව තේරී පත්වන තෙක් මෙම කැබිනට් මණ්ඩලය එම ධුරවල කටයුතු කිරීමට නියමිතය.

ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුවට අත්අඩංගුවට ගත්ත.. ඉහළ පුටුවක නිළධාරියා ගැන ගත්ත තීරණය මෙන්න..

ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුවට අත්අඩංගුවට ගත්ත.. ඉහළ පුටුවක නිළධාරියා ගැන ගත්ත තීරණය මෙන්න..


කෙසේවෙතත්, අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කැබිනට් මණ්ඩලය රැස්කර පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා මුදල් වෙන්කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ය.