අනුර කුමාරගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුනට අලුතෙන් ආ කෙනා මෙන්න.. වහාම ගැසට්ටුවකුත්.. (PHOTO)
අනුර කුමාර දිසානායකගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුනට ලක්ෂ්මන් නිපුනආරච්චි පත්කර තිබෙනවා.
එමෙන්ම, ඒ වෙනුවෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.
මේ අතර, නව වැනි ජනාධිපති ලෙස තේරි පත්වූ අනුර කුමාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් හිස්ව තිබුණේ ය.
පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් මේ බව මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා යවා ඇත.
ඒ අනුව පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා ජාතික ජනබලවේගයේ ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කර තිබෙනවා.
එම ගැසට් නිවේදනය පහතින්,
