අගමැතිනියගේ වැඩ නිසා රෝහල්වල ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක්..?..

Report

2025 වසර සඳහා දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ වර්ග 305ක් ලබාගැනීම සඳහා සෞඛ්‍ය ඇමැතිනී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සන්දේශය දෙවන වරටද ප්‍රතික්ෂේපවීම නිසා රෝහල්වල ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇත.

මෙවර මහමැතිවරණයේ ලංකා කම්කරු කොංග්‍රසය දෙකඩ වන තත්ත්වයක..

මෙවර මහමැතිවරණයේ ලංකා කම්කරු කොංග්‍රසය දෙකඩ වන තත්ත්වයක..

ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම පෙරේදා (07 වැනිදා) පැවැති අතර ඊට කැබිනට් සංදේශය ඉදිරිපත් කර තිබිණි.

ලබන වසර සඳහා අවශ්‍ය ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගෙන් මෙතෙක් ලබාගත් ක්‍රමවේද වෙනස්කරමින් නව ක්‍රමවේදයක් ඔස්සේ ඖෂධ ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තිරණය කර තිබිණි. නව වැඩපිළිවෙළ යටතේ දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ ලබා ගැනීමේදී සියයට අටක මිල අඩු කිරීමක්ද සිදුකර ඇත.

ඒ කාලේ අයේ ඇවිත් සංගා අයෙත් පිටියට බැහැලා..

ඒ කාලේ අයේ ඇවිත් සංගා අයෙත් පිටියට බැහැලා..

ලබන වර්ෂයට අවශ්‍ය ඖෂධ සැපයීම සඳහා දේශීය නිෂ්පාදකයන්ට තොග ඇණවුම් මෙතෙක් ලබානොදීම නිසා ජනවාරි මාසය වනවිට ඖෂධ සැපයීමට නොහැකි තත්ත්වයක් මතුවන බව නිෂ්පාදකයන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

ඊට හේතුවී ඇත්තේ ඖෂධ නිෂ්පාදනය සඳහා මාස තුනකට අධික කාලයක් ගතවීමයි.

එන අයට මසාජ් එකට අමතරව බෝනස් දුන්න ස්පා එකක් මාට්ටු ..

එන අයට මසාජ් එකට අමතරව බෝනස් දුන්න ස්පා එකක් මාට්ටු ..

කැබිනට් අනුමැතිය ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සමග ඊයේ (08 වැනිදා) පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

තවද පැරණි ක්‍රමවේදයට හෝ ඖෂධ ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.