ඒ කාලේ අයේ ඇවිත් සංගා අයෙත් පිටියට බැහැලා..

Kumar Sangakkara Cricket Sri Lanka Sports
By Piyumika Oct 09, 2024 05:23 AM GMT
Piyumika

Piyumika

Report

ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් (IML) ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමේ නායකත්වයට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පත්ව තිබෙනවා.

මෙම තරගාවලිය නොවැම්බර් 17 වැනිදා සිට දෙසැම්බර් 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර, තරගාවලියේ සමස්ත තරග සංඛ්‍යාව 18ක්.

අච්චරකට බැස්ස බිත්තරෙ ඇස් උඩ යන දැන් මිල ..

අච්චරකට බැස්ස බිත්තරෙ ඇස් උඩ යන දැන් මිල ..

මේ සඳහා ඉන්දීය සත්කාරකත්වය යටතේ රටවල් 06ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් 06 මේ අනුව තරග කිරීමට නියමිතව තිබෙනවා.

සචින් තෙන්ඩුල්කාර් ඉන්දීය නායකත්වටත්, ෂේන් වොට්සන් ඔස්ට්‍රේලියාවේ නායකත්වටත්, ඉයන් මෝගන් එංගලන්තයේ නායකත්වටත්, බ්‍රයන් ලාරා බටහිර ඉන්දීය කොදෙව් නායකත්වටත් සහ ජැක් කලිස් දකුණු අප්‍රිකාවේ නායකත්වටත් පත්ව තිබෙනවා.

බුදු අම්මෝ රක්ෂිතයකින් මෙච්චර ගොඩක්.. ලංකාවටම බෙදන්න පුළුවන් තරමට එතන තිබිලා..(VIDEO)

බුදු අම්මෝ රක්ෂිතයකින් මෙච්චර ගොඩක්.. ලංකාවටම බෙදන්න පුළුවන් තරමට එතන තිබිලා..(VIDEO)

තරගාවලියේ පළමු තරග හතර මුම්බායිහි DY Patil ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, නොවැම්බර් 17 වැනිදා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර උද්වේගකර ගැටුමකින් මෙම තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.

මුම්බායිහි ආරම්භක අදියරෙන් පසුව, නොවැම්බර් 21 වැනිදා ඉන්දියාවට එරෙහිව දකුණු අප්‍රිකාව සමඟින් ආරම්භවන තරග හයක් ලක්නව්හි පිහිටි ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

රුපියල් 1408කට ලබා ගත හැකි එන්නත් රුපියල් 2490ට අරන්..තවත් එන්නත් වංචාවක තොරතුරු ..

රුපියල් 1408කට ලබා ගත හැකි එන්නත් රුපියල් 2490ට අරන්..තවත් එන්නත් වංචාවක තොරතුරු ..

තරගාවලියේ අවසන් අදියර රායිපූර් හිදී පැවැත්වෙන අතර, එහිදී අවසන් පූර්ව වටය සහ අවසන් මහා තරගය දෙසැම්බර් 8 වැනිදා ෂහීඩ් වීර් නාරායන් සිං ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන මෙන්න,

නොවැම්බර් 17 - ඉන්දියාව සහ ශ්‍රී ලංකාව - මුම්බායි

නොවැම්බර් 18 - ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව - මුම්බායි

නොවැම්බර් 25 - බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව - ලක්නව්

නොවැම්බර් 27 - බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව - ලක්නව්

නොවැම්බර් 28 - ඉන්දියාව සහ එංගලන්තය - රායිපූර්

නොවැම්බර් 30 - ශ්‍රී ලංකාව සහ එංගලන්තය - රායිපූර්

දෙසැම්බර් 1 - ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් - රායිපූර්

දෙසැම්බර් 2 - ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව - රායිපූර්

දෙසැම්බර් 3 - බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය - රායිපූර්

දෙසැම්බර් 5 - පළමු අවසන් පූර්ව තරගය - රායිපූර්

දෙසැම්බර් 6 - 2 වැනි අවසන් පූර්ව තරගය - රායිපූර්

දෙසැම්බර් 8 - අවසන් - රායිපූර්