තවත් රෝගියෙකු රැගෙන යාමට මග දුරක් ගිය ගිලන් රථය ආපසු කැදවයි..හදිසි ප්‍රතිකාර අවශ්‍යව රැගෙන යමින් සිටි රොගීයා රථය තුලම මියයයි..

Sri Lanka Police Vavuniya Sri Lanka Death
By Piyumika Jun 29, 2024 03:29 AM GMT
Piyumika

Piyumika

Report

වවුනියාව සෙට්ටිකුලම රෝහලේ ගිලන් රථයක් තුළදී රෝගියෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ට පැමිණිලි ලැබීමෙන් පසුව ඒ පිළිබඳව පූර්ණ පරික්ෂණයක් ඊයේ(28) ආරම්භ කොට තිබේ .

චෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි තිරුනාවුකරසු ආනන්දරාසා නමැති දෙදරු පියෙකු පපුවේ වේදනාවක් හේතුවෙන් පසුගිය ඉරිදා (23) ප්‍රතිකාර සඳහා චෙට්ටිකුලම් මූලික රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරුව ඔහුගෙන් ලබා ගත් රුධිර සාම්පල පරීක්‍ෂණ සඳහා වවුනියාව මහ රෝහලට යවා ඇති අතර, රෝගියා වහාම ප්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කරන ලෙස වවුනියාව මහ රෝහල චෙට්ටිකුලම මූලික රෝහලට දැනුම් දි තිබණි.

තවත් එක් නරුම පියෙකු විසින් විනාස කල තම ජීවිතයට දියණියක සාධාරණයක් පතයි..

තවත් එක් නරුම පියෙකු විසින් විනාස කල තම ජීවිතයට දියණියක සාධාරණයක් පතයි..

ඉන් අනතුරුව බදාදා (26) පස්වරු 3 ට පමණ රෝගියා ගිලන් රථයක් මගින් සෙට්ටිකුලම් මූලික රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා වවුනියාව මහ රෝහල වෙත යවා තිබේ .

ගිලන් රථය පිටත් වී කිලෝමීටර් 15ක් පමණ ගිය පසු තවත් එක් අයකු රැගෙන යාමට අවශ්‍ය බව පවසමින් ගිලන් රථය යළිත් චෙට්ටිකුලම මූලික රෝහලට කැඳවා තිබේ.

ගිලන් රථයෙන් ආපසු රැගෙන ආ රෝගියා එදිනම(26) චෙට්ටිකුලම් රෝහලේදී මිය ගොස් තිබිණි.

පාසල් පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවන් 07ක් එක්වී කරපු භයානක වැඩේ මෙන්න..8 දෙනාම රෝහලේ..

පාසල් පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවන් 07ක් එක්වී කරපු භයානක වැඩේ මෙන්න..8 දෙනාම රෝහලේ..

වැඩිදුර ප්‍රතිකාර ලබාදීම ප්‍රමාද වීම හේතුවෙන් ඔහු මිය ගිය බවට ඥාතීන් සහ ප්‍රදේශවාසීහු රෝහලට චෝදනා කළහ.

රෝගියා මියගිය පසුව ඥාතීන් සෙට්ටිකුලම රෝහල වට කොට කෑ කෝ ගසන්නටත් විරෝධය පලකරන්නටත් පටන් ගත් අතර පොලීසිය පැමිණ සිද්ධිය සමථයකට පත් කර තිබේ.

මියගිය පුද්ගලයාගේ දේහය බ්‍රහස්පතින්දා (27) වවුනියාව රෝහලට රැගෙනවිත් හදිසි මරණ පරීක්ෂක කරුණානිධි හරිප්‍රසාද් ඉදිරියේ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාර දී තිබේ.

මීට පස්සේ මේ වගේ දෙයක් වුනොත් වහාම කෝල් එකක් දෙන්න - මේ දුරකථන අංක වලට..

මීට පස්සේ මේ වගේ දෙයක් වුනොත් වහාම කෝල් එකක් දෙන්න - මේ දුරකථන අංක වලට..

පසුව ඥාතීන් වීසින් සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා වවුනියාවේ ඉහළම සෞඛ්‍ය බලධාරීන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.

ඒ අනුව අදාල පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත .

ReeCha