තවත් එක් නරුම පියෙකු විසින් විනාස කල තම ජීවිතයට දියණියක සාධාරණයක් පතයි..
තවත් එක් නරුම පියෙකු පිළිබඳ උස්වැටකෙයියාව ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
ඒ වසර තුනක් පුරා සිය දියණිය අපයෝජනය කිරීම සම්බන්ධයෙනි.
මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළත් තමන්ට සාධාරණයක් ඉටු නොවු බවයි එම දියණිය කියා සිටියේ.
කෙසේ වෙතත්,සිය පියාගෙන් එල්ල වන ජීවිත තර්ජන හේතුවෙන් ඇය මේ වන විටත් නිවසින් බැහැරව වෙනත් ප්‍රදේශයක සැඟව සිටී.
උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිව සිටින 18 හැවිරිදි ඇය දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණිය වන අතර 15 හැවිරිදි වියේ සිට පසුගිය වසර තුන පුරාවටම ඇයට සිය ජීවිතයේ අමිහිරිම කටුක අවදිය ගත කිරීමට සිදු විය.
පාසල් සිසුවියක් වු රශ්මි පියා විසින් පළමුව අපයෝජනය කර තිබුණේ එම තිරිසන් ක්‍රියාව ඔහු විසින්ම ජංගම දුරකථනයෙන් ඔහු රූගත කරමිනි .
එම අවස්ථාවේදී ඇය ඒ පිළිබඳව කිසිවෙකුටත් පැවසීමට නොහැකිව දැඩි ලෙස අසරණව සිටියාය .
නමුත් ඉවසාගත නොහැකි තැන ඇය ඒ සම්බන්ධයෙන් හිතවත් කාන්තාවක් සමඟ පවසා තිබුණ අතර පසුව ඒ සම්බන්ධයෙන් ඔවුන් පමුණුගම පොලිසියට පැමිණිලි කර තිබුණත් සාධාරණයක් ඉටු නොවු බවයි ඇය ප්‍රකාශ කරන ලද්දේ.
ඇයට සිය පැමිණිල්ල ඉල්ලා අස්කරගැනීමට සිදු වූ අතර ඒ තම මවගේ දැඩි බලකිරීම නිසාය.
අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඇගේ පියා මාස දෙකකට පසු ඇප මත මුදා හැර තිබුණි .
ඔහුගේ නිදහස් වීම සමග යළිත් වරක් ඇයට සිදුවුණේ පෙර පරිදිම සිය පියාගේ කාමුක අවශ්‍යතා සපුරාලීමටය.
මේ අයුරින් වසර තුනක් පුරාවට සිය පියා විසින් ඇය අපයෝජනය කර තිබුණේ මවගේද අනුදැනුම ඇතිවය.
තමන් මුහුණ දි සිටින මේ අවාසනාවන්ත සිදුවීම පැවසිය හැකි කිසිවෙකුත් නොමැතිව අසරණව සිටි රශ්මිට, ඇයව තේරුම්ගත හැකි පෙම්වතෙකු හමුව තිබුණේ ඒ අතරතුරයි.
සිදුවු කටුක සිදුවීම් පිළිබද ඇය ඔහුට පවසා තිබු අතර පසුව ඔහු ඇයත් සමඟ ගොස් ඒ පිළිබඳව යළිත්වරක් පොලිසිය හමුවේ පැමිණිලි කර තිබුනි.
එහිදීත් ඇගේ මව විසින් යළිත් එම පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙස ඇයට බලකර තිබේ .
මේ වනවිට ඇය එම තරුණයා සමඟ ජීවත් වන අතර ඔවුන් රැඳී සිටින ස්ථානයක් සම්බන්ධයෙන් අනාවරණ නොකරන්නේ පියාගෙන් පවතින තර්ජන හේතුවෙන්ය.
රශ්මී හට ලැබිය යුතු සාධාරණය ලැබීමත් අදාල සැකකාර පියා සම්බන්ධව නිතිය ක්‍රියාත්මක වීම පිළිබඳවත් ගගන අපි විමසිල්ලෙන් සිටින්නෙමු.