'සොරි ඩොට්කොම්'- ආණ්ඩුව යන්නේ ජේ.ආර්. පාරේ.. මේ ත්‍රාඩ පාලනයට එරෙහි වෙන ජෙහාන් අප්පුහාමි යළි කරලියට
Latest Headlines
Current Political Scenario
Sinhala news
NPP Government
Colombo politics heat up
By Shehan
ජනතා විමුක්ති පෙරමුණේ මැරයන් විසින් ඊයේ (02) පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යක්කල කාර්යාලයට පහර දුන් බව ජනප්‍රිය නළු ජෙහාන් අප්පුහාමි පවසයි.
විශාල ජනවරමක් ලබාගත් වත්මන් ආණ්ඩුව අනවශ්‍ය තැන්වලට මැදිහත් වෙමින් මෙවැනි නාඩගම් නටන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි.
මාලිමාණ්ඩුව මෙතරම් පහත් තත්ත්වයකට ඇද වැටෙනු ඇතැයි තමන් නොසිතූ බවත්, ඔවුන් ජේ.ආර්. ගිය මාවත තෝරාගැනීම ගැන තමා තුළ දැඩි අප්‍රසාදයක් ඇති බවත් ජෙහාන් අප්පුහාමි සඳහන් කරයි.
මෙවැනි ත්‍රාඩ මැර දේශපාලනයට එරෙහිව නැගී සිටින ලෙස තමන් සියලු දෙනාගෙන් ඉල්ලන බවත්, ආණ්ඩුවේ ගමන මෙය නම් එය "සොරි ඩොට්කොම්" බවත් ඔහු අවධාරණය කරයි.
ජෙහාන් අප්පුහාමි මේ බව පවසමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කර තිබේ.