සූකර උණ සම්බන්දව නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර..

Report

අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

එම නව ගැසට් නිවේදනය නිකුත් කරමින් එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ, නිරෝගී සතුන් ප්‍රවාහන කිරීම සඳහා අවසර ලබා දී ඇති බවයි. ක්ෂේත්‍රය තුළ පැවැත්මට සහ වර්තමානයට අනුව මෙම සතිය ගතවන විට සූකර උණ රෝගය ව්‍යාප්ත වීම යම් ප්‍රමාණයකින් අවම වී තිබෙනවා.

කෙම්පිටිය වලව්වේ හිමිකරු ඝාතනය ගැන නොහිතපු තොරතුරු එලියට..හිතුවෙවත් නැති කෙනෙක් සැලසුම පිටුපස..

කෙම්පිටිය වලව්වේ හිමිකරු ඝාතනය ගැන නොහිතපු තොරතුරු එලියට..හිතුවෙවත් නැති කෙනෙක් සැලසුම පිටුපස..

ආචාර්‍යය හේමාලි මහත්මිය සඳහන් කළේ; සත්ත්ව හා පශු සම්පත් කර්මාන්තය රැක ගැනීම පිණිස පෙර නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනයට ලක් කිරීමට පියවර ගැනුණු බවයි. එම නව සංශෝධිත ගැසට් පත්‍රය නොවැම්බර් මස 04 වැනි දින සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක බවයි ආචාර්‍යවරිය පවසන්නේ.

පෙර ගැසට් පත්‍රය අනුව සතුන් ප්‍රවාහන නතර කළ ද; පශු වෛද්‍යවරයෙකුගේ සත්ත්ව සෞඛ්‍ය වාර්තාවක් මගින් තම සතුන් ප්‍රවාහනය කිරීමට නව ගැසට්ටුවෙන් අවසර හිමිකර දී තිබෙනවා. සතුන් මාංශ කිරීම කළ හැක්කේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාලයේ ලියාපදිංචි වුණු සම්මත ආකාරයට පවත්වාගෙන යන ඝාතකාගාරවල පමණක් බව ද එහි සඳහන්.

කේලම් කියන්න ගිය නැන්දම්මට අයේ කට ඇරගන්න බැරිවෙන්නම බෑනා කරපු දේ...

කේලම් කියන්න ගිය නැන්දම්මට අයේ කට ඇරගන්න බැරිවෙන්නම බෑනා කරපු දේ...

මේ අතර අප්‍රිකානු සූකර උණ රෝගී තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුළ පමණක් මුළු සූකර ගහණයෙන් සියයට 50ක් පමණ මේ වනවිට මියගොස් ඇති බව බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ. කේ. සරත් මහතා පැවසුවේ මින් වැඩිම සූකර ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මියගොස් ඇති බවයි.

මිල කල නොහැකි කියා විකුණන්න ගිය දෙයක් නිසා හතරකට වැඩ වැරදි..

මිල කල නොහැකි කියා විකුණන්න ගිය දෙයක් නිසා හතරකට වැඩ වැරදි..

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ සංශෝධිත නව ගැසට් පත්‍රය මෙතැනින්..


https://drive.google.com/file/d/1gMygIKn6uU-iZSfnghoTCbHRYsKCsPri/view?usp=sharing

GalleryGallery