ජනපති සටනට එයාලා මෙන්න මෙහෙමයි වියදම කලේ..වැඩිපුරම වියදම ගිහින් තියෙන්නේ හිතුවෙවත් නැති කෙනෙක්ට..
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා අද ප්‍රසිද්ධ කෙරුණු අතර එම මැතිවරණයේදී වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ, සමගි ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනුවෙනුයි.
එම මුදල රුපියල් කෝටි 112 කට අධිකයි.අපේක්ෂකයා ලෙස ඔහු වියදම් කර ඇති මුදල රුපියල් කෝටි 93 ක් වන අතර සමගි ජන බලවේගය පක්ෂය ඔහු වෙනුවෙන් වියදම් කර ඇති මුදල රුපියල් කෝටි 19 ක්.

පාස්කු වාර්තාව මට ලැබුණා...ඒක දේශපාලනයට ඈඳා ගන්න උවමනාවක් තිබ්බේ නැහැ..මොකක්ද රනිල් ඒ පාර මේ කියන්නේ..
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ක්‍රියාත්මක වූ පළමු ජනාධිපතිවරණය වන්නේ 2024 ජනාධිපතිවරණයයි.මැතිවරණ කොමිසමේ එම නියාමනය අනුව ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයෙකුට එක් ඡන්ද හිමියෙකු වෙනුවෙන් වැය කළ හැකිව තිබූ මුදල රුපියල් 109ක්.
ඒ අනුව එක් අපේක්ෂකයෙකුට සියලුම ඡන්ද දායකයින් වෙනුවෙන් රුපියල් එකසිය අසූහය කෝටි අසූ දෙලක්ෂ අනූඅටදහස් පන්සිය අසූ හයක ( 1,868,298,586 ) මුදලක් වියදම් කිරීමට අවස්ථාව සැලසුණා.අදාළ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලසීමාව තුළ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 38 දෙනාගෙන් 35 දෙනෙකු සිය වියදම් වාර්තා ලබාදී තිබුණා.එම වාර්තා අද (24) සිට රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේ සහ සියලු දිස්ත්‍රික්ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කෙරෙනවා.
එම ජනාධිපතිවරණ වියදම් වාර්තා අනුව වැඩිම මුදල වන රුපියල් කෝටි 112කට අධික මුදලක් වියදම් කර ඇත්තේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනුවෙන්.එහිදී ඔහු රුපියල් අනු තුන් කෝටි හැට දෙලක්ෂ පනස් අට දහස් පන්සිය විසි හතරක් (936,258,524) අපේක්ෂකයා ලෙස වැය කර ඇති අතර, ඉන් ප්‍රචාරණ හා පුවත් පත් දැන්වීම් නිර්මාණය, සමාජ මාධ්‍ය සහ ඩිජිටල් ප්‍රවර්ධන කටයුතු රුපියල් එකලොස් කෝටි අසු හතර ලක්ෂ අනු අට දහස් හටසිය තිහයි සත හැට පහක් (118,498,630.65) වැය කර තිබෙනවා.
එමෙන්ම සමගි ජන බලවේගය සිය අපේක්ෂකයා වෙනුවෙන් රුපියල් දහ නව කෝටි හතලිස් ලක්ෂ අසු හත් දහස් හත්සිය පහලොවයි සත හතරක් ( 194,087,715.04) වියදම් කර ඇති බවට අදාළ වාර්තාවේ සඳහන්.එම පක්ෂය සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පුවත් පත් දැන්වීම්, සමාජ මාධ්‍ය සහ ඩිජිටල් ප්‍රවර්ධන කටයුතු සඳහා වැය කර ඇතිමුදල රුපියල් හත්කෝටි විසි දෙලක්ෂ අනු තුන් දහස් හාරසිය අසු පහයි සත දහසයක්. ( 72,293,485.16).
මේ අතර මෙවර ජනාධිපතිවරයා බවට තේරි පත් වූ අනුර කුමාර දිසානායකද සිය වියදම් වාර්තා මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර තිබෙනවා. ඔහු වියදම් කර ඇත්තේ රුපියල් 68,066.36 ක් පමණයි. ඒ සන්නිවේදන වියදම් සඳහා පමණක් බවයි අනුර කුමාර දිසානායක සඳහන් කර ඇත්තේ.
කෙසේ වෙතත් ඔහුගේ පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ බැංකු ගිණුම් වලට ලැබුණු ආධාරද ඇතුළුව දෙස් විදෙස් ප්‍රජාවගෙන් ලැබුණු කෝටි පනස් තුනකට අධික මුදලින් (535,763,805.12) රුපියල් පනස් දෙකෝටි හැත්තෑ නව ලක්ෂ අනු නව දහස් අටසිය අසු නවයයි සත තිස් අටක් (527,999,889.38 ) ඔහුගේ මැතිවරණ කටයුතු සඳහා වියදම් කර තිබෙනවා.පුවත්පත් දැන්වීම් නිෂ්පාදනය, ප්‍රචාරණය සහ සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් කළ රුපියල් තුන්කෝටි හැට ලක්ෂ දෙදහස් අටසිය අසු පහයි සත දහ අටද (36,002,885.18 ) ඊට ඇතුළත්.
එමෙන්ම ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයේදී වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහයි.ඔහු වියදම් කර ඇති මුදල රුපියල් අනු නව කෝටි තුන්ලක්ෂ විසි හත්දහස් හයසිය අසු හතයි සත දහසයක්. (990,327,687.16 )ඒ අනුව ඔහුගේ ඩිජිටල් මාධ්‍ය කටයුතු සඳහා වැය කර ඇති මුදල රුපියල් දස කෝටි හැත්තෑ එක් ලක්ෂ දොලොස්දහස් නවසිය තුනයි සත පනස් තුනක් ( 107,112,903.53 ) ලෙස සඳහන්.
මේ අතර මෙවර ජනාධිපතිවරණයේදී සිව් වැනි ස්ථානයට මනාප ලබාගත් තමන් සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් වැය කර ඇත්තේ රුපියල් 20,000ක් පමණක් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වූ නාමල් රාජපක්ෂ සිය වියදම් වාර්තා මගින් පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාමල් රාජපක්ෂගේ විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු සඳහා රුපියල් දෙකෝටි තිස් එක් ලක්ෂ හතලිස් හතර දහස් නවසිය අසු හතක් ඇතුළුව ( 23,144,987 ), වියදම් කර ඇති සමස්ත මුදල රුපියල් තිස් අට කෝටි අසු නව ලක්ෂ තිස් නව දහස් අසු පහක්.(388,939,085)විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය සඳහා වැය කළ රුපියල් දෙකෝටි තිස් එක් ලක්ෂ හතලිස් හතර දහස් නවසිය අසු හතක මුදල ද ඊට අයත් (23,144,987)
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ත ආදායම කෝටි 18යි දශම 8ක් වන අතර (188,829,363 ) ඒ අනුව අතිරික්ත ඌණතාවය ලෙස රුපියල් කෝටි 19යි දශම 9කට අධික මුදලක් ද ඇති බව (199,563,722) වියදම් වාර්තාවේ සඳහන් කර තිබීම විශේෂත්වයක්.
මීට අමතරව ඉදිරිපත් වූ සෙසු අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ද ජනතාවට පරිශීලනය කළ හැකි අතර, අදාළ වියදම් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට ද හැකියාව පවතිනවා
