පාස්කු විමර්ශනයේ සිටි පොලිස් ලොක්කෙක්ට හදිසි මාරුවක් ... මොකක්ද මේ මාධ්‍යෙව්දීයෙකුගේ සම්බන්දෙ..

Sri Lanka Police Sri Lanka Easter Attack Sri Lanka Udaya Gammanpila
By Piyumika Oct 24, 2024 11:05 AM GMT
Piyumika

Piyumika

Report

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ආන්දෝලනාත්මක අල්විස් කමිටු වාර්තාව සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල යළිත් අදහස් පළ කළා.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් ඔහු සදහන් කළේ ඉතා බරපතළ සංවේදී කාරණා සහිත ලිපියකට දින 12ක් තිස්සේ කිසිදු පියවරක් නොගැනීමට රවී සෙනෙවිරත්න පෙළඹුවේ කවුරුන්දැයි සොයාගත්විට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයාගැනීමට හැකි වනු ඇති බවයි.

පොර ටෝක් දීපු ගම්මන්පිලට මහාධිකරණයෙන් නියෝගයක්..(VIDEO)

පොර ටෝක් දීපු ගම්මන්පිලට මහාධිකරණයෙන් නියෝගයක්..(VIDEO)

කෙසේ වෙතත් ඔහු හෙලිකළ කරුණු ඇතුළත් අල්විස් කමිටු වාර්තාව කිසිසේත්ම පිළිනොගන්නා බවයි රජය සහ කාදිනල් හිමිපාණන් ඊයේ ප්‍රකාශ කළේ.එවන් පසුබිමක පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අද කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉහත අදහස් පළ කරනු ලැබුවා.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර ඇති මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න හරහා විමර්ශන සිදුකිරීම පිළිගත නොහැකි බව ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නා.

නීතිඥවරයෙකු මාර්ගයෙන් මෝසමක් ගොනු කරමින් ඔවුන් ඉල්ලා සිටියේ ප්‍රහාරයට අදාළව නිකුත් කළ කොමිෂන් වාර්තා තුන අධිකරණය හමුවට කැඳවන ලෙසයි.ඊට අදාළව නිකුත් කළ බී වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ මාධ්‍යවේදි තරිදු ජයවර්ධනට එම ලේඛන ලැබුණු ආකාරය ගැටලු‍ සහගත බවද අගතියට පත් පාර්ශව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සදහන් කර තිබෙනවා.

තම දියණිය විකුණා අහිංසක පොඩි දරුවන් කොල්ල කාපු අපුරු දෙමව්පියන් දෙපලක්..

තම දියණිය විකුණා අහිංසක පොඩි දරුවන් කොල්ල කාපු අපුරු දෙමව්පියන් දෙපලක්..

එම නිසා ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවද ඔහු එහිදී ප්‍රකාශ කර ඇති බව සදහන්

මෙම නඩුවට අදාළව ප්‍රසිද්ධ මාධ්‍යය මගින් අදහස් පළකළ මාධ්‍යෙව්දී තරිදු ජයවර්ධන විසින් විමර්ශන නිලධාරියා මාරු කරන බවට සිදුකළ ප්‍රකාශයෙන් දින කිහිපයකට පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ඉන්දුක ද සිල්වා නැමැති එම නිලධාරියා පොලිස් මූලස්ථානයට මාරු කර යවා ඇති බවද අදාළ නීතිඥවරයා මෙහිදී සදහන් කර තිබෙනවා.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ කමිටුවල විනිසුරුවරුන්ට එරෙහිව මාධ්‍යවේදි තරිදු ජයවර්ධන ප්‍රකාශ නිකුත් කරන බවත් ඔහුව අත්අඩංගුවට ගැනීමට බලයක් අධිකරණයට ඇති බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

ජොන්ස්ටන් කරපු අපහාස වලට ජනපති දැම්ම නඩුවට මොකද වුනේ ..

ජොන්ස්ටන් කරපු අපහාස වලට ජනපති දැම්ම නඩුවට මොකද වුනේ ..

ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන සදහා අධිකරණයේ මැදිහත් වීමක් සිදු කරන ලෙසයි අදාළ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ලබන නොවැම්බර් මස 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතීසි නිකුත් කළා.