පාසල් වයසේ දරුවන් සිටින දෙමාපියන් වහාම මේ ගැන දැනුවත් වෙන්න..ඔබේ දරුවා ඔවුන්ගේ ඉලක්කයයි..

Sri Lanka Police Jaffna Sri Lanka Drugs School Children
By Piyumika Oct 24, 2024 11:17 AM GMT
Piyumika

Piyumika

Report

 යාපනය දිස්ත්‍රික්කයේ පාසල් ඉලක්ක කරගනිමින් පාසල් සිසුන්ට මත්පෙති අධික මිලගණන් යටතේ විකිණීමේ ජාවාරමක නිරත පුද්ගලයින් දෙදෙනෙකු ස්ථාන දෙකකදී මත්පෙති තොගයක්ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසය පවසයි.

යාපනය චුන්නාකම් පොලිස් ස්ථානයේ නිලධරීන් පිරිසක් විසින් අද (24) චුන්නාකම් ප්‍රදේශයේ සැකසහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදුකරන ලද පරික්ෂවකදී ඒම පුද්ගලය සන්තකයේ තිබී මත්පෙති 840 ක් තිබී සොයාගනු ලැබීය.

පොර ටෝක් දීපු ගම්මන්පිලට මහාධිකරණයෙන් නියෝගයක්..(VIDEO)

පොර ටෝක් දීපු ගම්මන්පිලට මහාධිකරණයෙන් නියෝගයක්..(VIDEO)

මේ අතර ඊයේ (23) දින යාපනය මාණිප්පයි ප්‍රදේශයේදී මානිප්පායි පොලීස් නිලධාරීන් පිරිසක් විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදුකරන ලද සෝදිසියකදී මත්පෙති 1400 ක් සොයාගනු ලැබීය.

යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි පාසල් කිහිපයක් ආසන්නයේ සහ නගරයේ පොලිස් නිලධාරීන් විසින් සිවිල් පුද්ගලයින් වශයෙන් වෙස්වලා අදාල වැටලීම සිදුකොට ඇත.