ජොන්ස්ටන් කරපු අපහාස වලට ජනපති දැම්ම නඩුවට මොකද වුනේ ..

Report

තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජනාධිපති අනුර දිසානායක විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබෙන නඩු විභාගය කල් දැමීමට කොළඹ දිසා අධිකරණය නියෝග කළා.

අයේ එන්නේ නෑ කියලා විශ්‍රාම ගත්ත කෙනෙක් අයේ ඇවිත්..?

අයේ එන්නේ නෑ කියලා විශ්‍රාම ගත්ත කෙනෙක් අයේ ඇවිත්..?

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකරමින් කියා සිටියේ තම සේවාදායකයා මේ වන විට ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වී සිටින බවයි.ඒ අනුව මෙම නඩුවේ වැඩිදුර විභාගය මාර්තු මස 24 වන දා දක්වා කල් තැබීමටයි අධිකරණය නියෝග කළේ.

දවසකට එක කහට කෝප්පයක් හරි බොන්න පුරුදුවෙලා ඉන්න ඔයා විශේෂයෙන් මේ ගැන දැනගෙන ඉන්න..

දවසකට එක කහට කෝප්පයක් හරි බොන්න පුරුදුවෙලා ඉන්න ඔයා විශේෂයෙන් මේ ගැන දැනගෙන ඉන්න..

2017 වසරේ ඒකාබද්ධ විපක්ෂය විසින් තංගල්ලේ පැවැත්වූ ජන හමුවකදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් සිදුකළ ප්‍රකාශයකින් තම කීර්තියට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජනාධිපති අනුර දිසානායක විසින් මීට වසර කිහිපයකට පෙර මෙම නඩුව ගොනුකර තිබුණා.