ශ්‍රී ලංකාවට එරෙහිව තරග වදින එංගලන්ත ටෙස්ට් සංචිතය..

Report

ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 03කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන එංගලන්ත සංචිතය ඊයේ (04) පස්වරුවේ නම්කරනු ලැබීය.

එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ප්‍රකාශයට පත්කළ 14 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයෙන් ආරම්භක පිතිකරු සැක් ක්‍රෝලි ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉවත්කර ඇති බවයි වාර්තා වනුයේ.

ලග්න කිහිපයකට අද වාසනාවෙ දොර ඇරලා පේන දිනයක්..සියලු ලග්නයන්ට ශුභ අශුභ ඵල මෙන්න..

ලග්න කිහිපයකට අද වාසනාවෙ දොර ඇරලා පේන දිනයක්..සියලු ලග්නයන්ට ශුභ අශුභ ඵල මෙන්න..

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව නිමා වූ තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ක්‍රෝලිගේ දකුණු අතේහි ඇඟිල්ලක අස්ථි බිඳීමකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වී ඇත.

ඒ අනුව ක්‍රෝලිගෙන් පුරාප්පාඩුවන ස්ථානයට නවක පිතිකරුවෙකු වන 23 හැවිරිදි ජෝර්ඩන් කොක්ස් කැඳවා තිබේ . ඔහුව එංගලන්ත ටෙස්ට් සංචිතයකට කැඳවූ පළමු අවස්ථාවද මෙයයි.

තරග තුනකින් යුත් ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ මස 21වැනිදා මැන්චෙස්ටර්හිදී පැවැත්වීමට නියමිතය.

දහඅට හැවිරිදි තරුණයකුගේ ඛේදනීය ඉරණම..

දහඅට හැවිරිදි තරුණයකුගේ ඛේදනීය ඉරණම..

ඒ අනුව ශ්‍රී ලංකා තරගාවලිය සඳහා නම්කළ එංගලන්ත සංචිතය මෙසේය.

බෙන් ස්ටෝක්ස් (නායක)

ගස් ඇට්කින්සන්

ෂොයිබ් බෂීර්

හැරී බෘක්

ජෝර්ඩන් කොක්ස්

බෙන් ඩකට්

ඩෑන් ලෝරන්ස්

ඔලී පෝප්

මැතිව් පොට්ස්

ජෝ රූට්

ජේමී ස්මිත්

ඔලී ස්ටෝන්

ක්‍රිස් වෝක්ස්

මාර්ක් වුඩ්