ගලේවෙල ප්‍රදේශයේදී මගීන් සමග බසයක් පැහැර ගනී

Report

 පෞද්ගලික මගී බස් රථයක් ගලේවෙල ප්‍රදේශයේ හෝටලයක් අසල නතර කර රියැදුරා සහ කොන්දොස්තරවරයා ඇතුළු මගීන් පිරිසක් ආහාර ගැනීම සඳහා ගොස් සිටියදී බීමතින් සිටි පිටස්තරයකු බස් රථය පණ ගන්වාගෙන ඉබ්බන්කටුව සුසාන භූමිය අසල අතහැර දමා පලා ගිය පුවතක් දඹුල්ල මූලස්ථාන පොලිසිය වාර්තා කරයි.

අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..

අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..

කොළඹ සහ ත්‍රිකුණාමලය මුතූර් අතර ධාවනය වන මෙම පෞද්ගලික මගී බස් රථය මුතූර් බලා ධාවනය වන අතරවාරයේ පෙරේදා රාත්‍රි නමයට පමණ පහළ වැව හෝටලය අසල ආහාර ගැනීම සඳහා නතර කර රියැදුරා කොන්දොස්තරවරයා ඇතුළු බස් රථයේ සිටි මගීන්ගෙන් කොටසක් තේ පානය කිරීම සඳහා හෝටලයට ගොස් ඇත.

ගංගා ගැන යළිත් අනතුරු ඇඟවීමක්.

ගංගා ගැන යළිත් අනතුරු ඇඟවීමක්.

ඒ අවස්ථාවේ ඉබ්බන්කටුව ප්‍රදේශයේ පුද්ගලයකු හෝටලය අසලදී රියැදුරා සහ කොන්දොස්තරවරයා සමග ආරවුලක් ඇති කර ගෙන ඇති අතර බීමතින් සිටි මොහු හෝටලයෙන් පිටවී බස් රථයට ගොඩ වී බස් රථය පණ ගන්වාගෙන මගීන් ද සමග බස් රථය පැහැරගෙන පලා ගොස් ඇත.

වධකාගාරයෙන් බේරී පොලිසියට බාරවූ සිසුවියන් හමුවීමට දෙමව්පියන්ටද තහනම්.

වධකාගාරයෙන් බේරී පොලිසියට බාරවූ සිසුවියන් හමුවීමට දෙමව්පියන්ටද තහනම්.

මේ බව දුටු බස් රථයේ කොන්දොස්තරවරයා සහ රියදුරා ත්‍රී රෝද රථයක ගොඩවී බලහත්කාරයෙන් රැගෙන යන බස් රථය හඹා ගිය අවස්ථාවේ අදාල පුද්ගලයා ඉබ්බන්කටුව සුසාන භූමිය අසල බස් රථය නතර කර පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ . මෙම සිදුවීමෙන් සෙසු මගීන් බියට පත් වී මර ලතෝනි දී ඇතැයි ද වාර්තාවේ.ඒ වනවිටත් බස් රථය කිලෝමීටර් හතරකට වැඩි දුරක් ධාවනය කරගෙන පැමිණ ඇති බව පොලිසිය පවසාවසා ඇත