ගංගා ගැන යළිත් අනතුරු ඇඟවීමක්.

Sri Lanka Department of Meteorology Weather Irrigation Department
By Wayomi May 30, 2024 06:45 AM GMT
Wayomi

Wayomi

Report

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ, අනුව මේ වන විට මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශ හා අතු ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් තිබීම හේතුවෙන් අතු ගංගා හරහා ගමන් කිරීම, දියනෑම අවදානම් විය හැකි බවයි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර මහතා පවසන්නේ.

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ගන්න මෙන්න අලුත් ගැසට් පත්‍රයක්. - ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කෙර්.

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ගන්න මෙන්න අලුත් ගැසට් පත්‍රයක්. - ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කෙර්.


මේ අතර අද (30) දිනයේත් ගිංගඟ, කළු ගඟ, නිල්වලා ගඟ යන ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා.

තවදුරටත් වැසි ඇදහැලුණ හොත් එම ගංගා ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ යෑමේ අවදානමක් පවතින බවත්,පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත නොසිතූ ලෙස ගංගාවල ජල මට්ටම ඉහළ යන බැවින් ජනතාව වඩාත් සැලකිලිමත් වියයුතු බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

"කාලගුණික විපර්යාස හෝ වෙනයම් හේතු මත මෑත කාලය තුළදී අපි නිරීක්ෂණය කරනවා... ඉතා කෙටි කාලයක් තුළ අධික වැසි ලැබීම්. ඉතා කෙටි කාලයක් තුළ ලොකු ජල ධාරිතාවක් පොළොවට පතිතවීම තුළ පවතින ජලය ගලායන මාර්ග ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එමනිසා මේ ජලය භූමිය තුළ එකතු වෙනවා. මේක ඉතාම හානි කරයි. මොකද මේක ගැන අපිට අනතුරු අඟවන්න වෙලාවක් නැහැ. කාලයක් ලැබෙන්නේ නැහැ. ක්ෂණිකව සිදුවෙනවා. ඒ නිසා මේ ගැන මහජනතාව අවබෝධයකින් කටයුතු කිරීමෙන් පමණයි හානි අවම කළ හැක්කේ. මේක වැඩිපුරම බලපාන්නේ නාගරික ප්‍රදේශවල. ඉහළ කඳුකර ප්‍රදේශවලත් මේ තත්ත්වය දකිනවා."

දිනෙන් දින අලුත් වෙන වටිනාකම් සමඟ අදත් සුපිරි කෝටිපති වරම් දිනාගන්න.

දිනෙන් දින අලුත් වෙන වටිනාකම් සමඟ අදත් සුපිරි කෝටිපති වරම් දිනාගන්න.


..........................................................

May you Like