අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..

Report

ජනාධිපතිවරණය පැවැත්විම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න.. | Sri Lanka Presidential Election 2024

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නියමිත දිනට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ  කොළඹ, ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී මාර්ටින් වික්‍රමසිංහ ජන ජීවිතය හා ලේඛන කලාගාරය සුවිශේෂ මැදිරිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් වහාම නියෝගයක්..(PHOTO)

ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් වහාම නියෝගයක්..(PHOTO)


කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ වගකීමක් නැති ප්‍රකාශ හරහා රට කලඹන්න ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් හෝ පාර්ලිමේන්තුවක් ඉඩ නොදෙන බවයි.

මේ අතර, ඉදිරියේ දී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ 'What's New'' තරුණ නීති වෘත්තිකයින් සමග ජනාධිපති කාර්යාලයේ පැවති වැඩමුළුවකට එක්වෙමින් ය.

එහිදී ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ජනාධිපතිවරණය සඳහා මේ වන විටත් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි.

සම්පූර්ණ විස්තරය පහතින්,

ආන්දෝලනාත්මක කයි කතන්දර හමුවේ ජනාධිපතිවරණය ගැන ජනපති රනිල් ගත් තීරණය මෙන්න.

ආන්දෝලනාත්මක කයි කතන්දර හමුවේ ජනාධිපතිවරණය ගැන ජනපති රනිල් ගත් තීරණය මෙන්න.