වධකාගාරයෙන් බේරී පොලිසියට බාරවූ සිසුවියන් හමුවීමට දෙමව්පියන්ටද තහනම්.

Report

 යාපනයේ ඌර්කාවතුරේ ප්‍රදේශයේ බාලිකා පාසලක සිසුවියන් 11 දෙනෙකු නේවාසිකාගාරයේ අමානුෂීය ලෙස සිදුවන පහර දීම් ඉවසා ගත නොහැකිව පොලීසියට පැමිණ බාර වී ඇත.මේ සමගම ක්‍රියාත්මක වූ පොලීසිය එම නේවාසිකාගාරයේ පාලිකාව ඊයේ (28) අත් අඩංගුවට ගෙන තිබේ.

පාසල් සිසුන් අතර දුමට ඉල්ලුම වැඩිවේ.

පාසල් සිසුන් අතර දුමට ඉල්ලුම වැඩිවේ.

යාපනයේ ඌර්කාවතුරේ පොලීසිය වෙත එම සිසුවියන් පැමිණ බාර වූ අවස්ථාවේදී ඔවුන්ගෙන් ප්‍රකාශයන් ලබා ගැනීමටවත් නොහැකි ලෙස සිසුවියන් පහර කා සිට තිබෙන අතර වහාම එම සිසුවියන් යාපනය ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කොට ඇත.

හිටපු පොලිස් සැරයන්ගේ අලුත්ම වෙළඳාම.

හිටපු පොලිස් සැරයන්ගේ අලුත්ම වෙළඳාම.

පසුව පොලීසිය එම නේවාසිකාගාර පාලිකාව අත් අඩංගුවට ගෙන ඌර්කාවතුරේ මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඇයව දින දෙකකට රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර තමන් යාපනය ශීක්ෂණ රෝහලට ගොස් සිසුවියන්ගේ තත්ත්වය සොයා බලන තෙක් කිසිදු බාහිර පුද්ගලයෙකුට එම සිසුවියන් හමුවීමට ඉඩ නොතබන ලෙසද පොලීසියට නියෝග කොට තිබේ. එමෙන්ම සිසුවියන්ගේ දෙමව්පියන්ටද සිසුවියන් හමුවීමට අවස්ථාවක් ලබා නොදෙන ලෙස ප්‍රකාශ කළ මහේස්ත්‍රත්වරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියන්ගෙන් වෙන වෙනම ප්‍රකාශ ලබා ගෙන යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ වාර්තාද ඉතා සූක්ෂම තොරතුරු පවා ඇතුළත් වන ආකාරයට ලබා ගන්නා ලෙස පොලීසියට නියෝග කරන ලදි.

කොළඹ කුණු ඇළකින් හමු වූ කාන්තා මළසිරුර.

කොළඹ කුණු ඇළකින් හමු වූ කාන්තා මළසිරුර.

යාපනයේ ඌර්කාවතුරේ පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනු ඇත.