රජයේ නිවාඩු දිනයක් ද?. හෙට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට..
By krishani
හෙට (21) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් ය.

ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය කඩන් වැටිලා - ඉරානයම හෙල්ලුන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE/PHOTOS/VIDEO)
ඒ අනුව හෙට සෑම රජයේ කාර්යාලයකම ජාතික කොඩිය අඩ කුඹු කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
මේ අතර, ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහියන්ගේ ඛේදනීය අභාවය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද සිය ශෝකය පළ කර තිබෙනවා.
ඒ හිටපු ජනාධිපතිවරයා ‘X’ හී පණිවිඩයක් තබමින් ය.
ඉරාන ජනපතිගේ අභාවය අසා තමා කම්පනයට ලක්වූ බවත් ඉරාන ජනපති, විදේශ ඇමති ඇතුළු අභාවයට පත් සියළුදෙනාට සිය ශෝකය පළකරන බවත් එහි සඳහන් වේ.
එමෙන්ම, ජනාධිපති රයිසි මහතා ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු බවත් ඉරාන ජනතාව වෙනුවෙන් ඔහුගේ නායකත්වය සහ කැපවීම සැමදා සිහිපත් වන බව ද එහි සඳහන් වේ.