තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ කොමසාරිස් ඉල්ලා අස්වේ.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ ජගත් ලියනාරච්චි අදාල තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු සඳහන් කළේ, දෙසැම්බර් 30 වැනිදා තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායකට යවා ඇති බවයි.
ජගත් ලියනාරච්චි පවසන්නේ, වසර 5ක කාලයක් මෙම තනතුරට පත්ව සිටි අතර, වසර හතරක් මාසයක් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කර ඇති බවයි.
එදිනට, 2025 දෙසැම්බර් මාසය දක්වා ඔහුට සේවය කිරීමට හැකියාව තිබුණද, පෞද්ගලික හේතු මත ඉල්ලා අස්වීමට තීරණය කළ බවද ඔහු පැවසීය.
තොරතුරු ලබාගැනීමේ පනත යටතේ, යම් ආයතනයකින් තොරතුරු ලබා නොදෙනවානම්, ඒ සම්බන්ධ අභියාචනා ඉදිරිපත් කළ හැකි එකම ආයතනය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාව බවත්, එම කොමිෂන් සභාවේ ප්‍රමුඛතම කාර්යභාරය වූයේ එවැනි අභියාචනා විභාග කිරීම බවත් ඔහු සඳහන් කළේය.
මෙම කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් පස් දෙනෙකු සිටින අතර, දැනට එහි ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුරයි.