ලෝක පූජිත කුමාර් සංගක්කාරට එංගලන්ත ක්‍රීඩකයෙක් ගෙන් අභියෝගයක්..

Report

සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහිව බර්මින්හැම්හිදී ඊයේ (27) ආරම්භ වූ තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ක්‍රිකට් දිවියේ සුවිශේෂී කඩයිමක් පසු කර යාමට එංගලන්ත පිතිකරු ජෝ රූට් සමත් වන්නට විය.

රූට් මෙම තරගයේදී ටෙස්ට් දිවියේ ලකුණු 12,000 සීමාව පසුකර යාමට සමත් වූ අතර, ඒ අනුව ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ මෙම කඩයිම පසුකළ 07 වැනි පිතිකරුවා ලෙසින් ඔහු වාර්තා පොත් අතරට එක් වී තිබෙනවා.

පාසලකට දැවැන්ත ප්‍රහාරයක්..30ක් මියයයි..100කට වැඩි පිරිසක් තුවාල ලබයි.(VIDEO)

පාසලකට දැවැන්ත ප්‍රහාරයක්..30ක් මියයයි..100කට වැඩි පිරිසක් තුවාල ලබයි.(VIDEO)


එමෙන්ම මෙවැනි දස්කමක් දැක්වූ දෙවැනි එංගලන්ත පිතිකරුවා බවටද ඔහු පත්වීම ද විශේෂත්වයක්.

එංගලන්තය වෙනුවෙන් පළමුවෙන්ම ටෙස්ට් ලකුණු දොළොස්දහසේ සීමාව පසුකර යාමට සමත් වූයේ මේ වනවිට ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගොස් සිටින ඇලස්ටෙයාර් කුක් (12472) නම් ලෝක පූජිත ක්‍රීඩකයාය.

2012 වසරේදී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට අවතීරණ වූ රූට්, මේ වනවිට ටෙස්ට් ඉනිම් 261කදී ලකුණු 12,020කට හිමිකම් කියයි.

මේ වනවිට 33 හැවිරිදි වියේ පසුවන ජෝ රූට්ගේ ඉනිමක සාමාන්‍ය 50.26ක් වන අතර, ඔහුගේ පිතිකරණ දක්ෂතා අතර ශතක 32ක් හා අර්ධ ශතක 63කට හිමිකම් කියයි.

තවත් 50,000ක් රාජ්‍ය සේවයට බඳවා ගන්න යයි..තරුණ ඔබට සතුටුදායක ආරංචියක්..

තවත් 50,000ක් රාජ්‍ය සේවයට බඳවා ගන්න යයි..තරුණ ඔබට සතුටුදායක ආරංචියක්..


ඊයේ තරගය ආරම්භ කරන විට රූට් ටෙස්ට් ක්‍රිකට් පිටියේ විශිෂ්ඨ පිතිකරුවෙකු වූ කොදෙව් ක්‍රීඩක බ්‍රයන් ලාරාට (ලකුණු 11,953) පියවරක් පසුපසින් සිටියේ ය.

ඒ අනුව රූට් ඊළඟට පසුකර යෑම ආසන්නට පැමිණ සිටින්නේ මෙම ලැයිස්තුවේ 06වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර (12400)ය.

කෙසේ නමුත් මෙරට විශිෂ්ඨ ක්‍රීඩක කුමාර් සංගක්කාර මෙම ලකුණු සංඛ්‍යාව රැස්කර තිබෙන්නේ ටෙස්ට් ඉනිම් 233කට පමණක් ක්‍රීඩාකරමින් වීම ද විශේෂත්වයක් වනවා.