පාසලකට දැවැන්ත ප්‍රහාරයක්..30ක් මියයයි..100කට වැඩි පිරිසක් තුවාල ලබයි.(VIDEO)

By Aruna Jul 28, 2024 05:46 AM GMT
Report

මධ්‍යම ගාසා තීරයේ ඩීර් අල්-බාලා නගරය අසල පාසලකට ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් 30 දෙනෙකු මිය ගොස් 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඊශ්‍රායලය විසින් ප්‍රකාශ කර ඇත්තේ, හමාස් සංවිධානය, ප්‍රහාර මෙහෙයවීමට සහ ආයුධ ගබඩා කිරීමට රහස් ස්ථානයක් ලෙස මෙම ස්ථානය භාවිතා කිරීම හේතුවෙන් ප්‍රහාරය එල්ල කළ බවටයි.

තවත් 50,000ක් රාජ්‍ය සේවයට බඳවා ගන්න යයි..තරුණ ඔබට සතුටුදායක ආරංචියක්..

තවත් 50,000ක් රාජ්‍ය සේවයට බඳවා ගන්න යයි..තරුණ ඔබට සතුටුදායක ආරංචියක්..


කෙසේ වෙතත් ප්‍රහාරයෙන් සිවිල් වැසියන් තුවාල ලබා ඇති අතර, ඉන් වැඩි පිරිසක් දරුවන් බවයි හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ.