නිරුවත ඉල්ලා අවුරුදු තුනක් තරුණියන්ට තර්ජනය කළ තරුණයා රිමාන්ඩ් - ෆෝන් හැක් කරලා මුලින්ම නිරුවත් වීඩියෝ අරන්

Report

පරිගණක ක්ෂේත්‍රයෙහි රැකියාව කරමින් තරුණියන්ගේ නිරුවත් වීඩියෝ ඉල්ලා වසර තුනක් තිස්සේ තරුණියන් බිය ගැන්වූ බව කියන මතුගම තරුණයකු එළබෙන 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද(25) දින නියෝග කර තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශනය ඒකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරිඳු දිල්රංග නමැති තරුණයකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කළා.

මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් උප පොලිස් පරීක්ෂක ඉසුරු ගුණතිලක කරණු දක්වමින් සඳහන් කළේ, සැකකරු විසින් එමි අංක වැරදි ව්‍යාජ අන්තර්ජාල සබඳතා සහ දුරකථන භාවිතා කරමින් තරුණියන්ගේ දුරකථනවලට (හැක්කර) අනවසරයෙන් ඇතුළු වී නිරුවත් වීඩියෝ බාගත කරගෙන ඇති බවයි.

මොහුව දුටු සැණින් කියන්න - පොලිසියෙන් නිවේදනයක්

මොහුව දුටු සැණින් කියන්න - පොලිසියෙන් නිවේදනයක්

එසේම එසේ බාගත කරගත් වීඩියෝ තරුණියන්ගේ වට්ස් ඇප් අංකය වෙත යොමු කර එවැනි නිරුවත් දර්ශන ඉල්ලා ඇති බවත්, එසේ නොකළහොත් පවතින වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින බවටත් සැකකරු විසින් පැමිණිලිකාර තරුණියන්ට තර්ජනය කර තිබෙනවා.

එමෙන්ම කළුතර හා පානදුර ප්‍රදේශයේ තරුණියන් දෙදෙනකු 2023 වසරේදි කරන ලද පැමිණිලි අනුව විමර්ශනය කර අඳාළ සැකකරු අත්අඩංගුවට ගත් බවද ඔහු සඳහන් කළා.

අඳාළ සැකකරු විසින් එමි අංක හඳුනා ගැනීමට නොහැකි දුරකථන සබඳතා සහ දුරකථන භාවිතා කරමින් මෙම අපරාධ සිදුකර ඇතිි බවත්, වි. පි.එන් හරහා ෆේස්බුක් හා වට්ස් ඇප් පහසුකම් ලබාගෙන ඇති බවත්,අධිකරණ නියෝග පරිදි අදාළ තොරතුරු ෆේස්බුක් සමාගම මඟින් ලබා ගැනීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගත් බවත් ප්‍රකාශ කළා.

පුංචි මල්කැකුළ අවසන් ගමන් යැවූ ගම්පොළ මාරක අනතුරේ CCTV දර්ශන එළියට

පුංචි මල්කැකුළ අවසන් ගමන් යැවූ ගම්පොළ මාරක අනතුරේ CCTV දර්ශන එළියට

එසේම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද ඔවුන් ඉල්ලා සිටි බව වාර්තා විය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් සැකකරු ලබන 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙන බව සඳහන්.

මේ අතර සැකකරුගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට ද බන්ධනාගාර අධිකාරීවරයාට නියෝගයක් නිකුත් කර ඇති බව සඳහන්.

හැටන් නගරය නොසන්සුන් වෙයි - කුපිත වූ වෙළෙදුන් සහ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්

හැටන් නගරය නොසන්සුන් වෙයි - කුපිත වූ වෙළෙදුන් සහ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්