සුභ ආරංචියක් - විද්‍යාපීඨ බදවා ගැනීම් එකවර කණ්ඩායම් දෙකක්
අද දින (8) පාර්ලිමේන්තු සභා වාරය රැස්වූ අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ මහතා විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගෙන් පාසල් අධ්‍යාපන අංශය සදහා වූ ගුරුවරුන් පුහුණු කරන විද්‍යාපීඨ අධ්‍යාපන ආයතන සම්බන්ධ ප්‍රශ්ණ ඉදිරිපත් කළේය.
ඒ අනුව මන්ත්‍රීවරයා විසින් පැවසුවේ ඇතැම් සිසුන් විශ්වවිද්‍යාල සදහා වරම් ලැබූවද රැකියාවේ ස්ථිරත්වය මත විද්‍යාපීඨ තෝරා ගන්නා බවයි. එයට අනුව,
- ශ්‍රී ලංකාවේ දැනට පවතින විද්‍යාපීඨ සංඛ්‍යාව කොපමණද?
- එහි නම් සහ එහි පවත්නා පාඨමාලා මොනවාද?
- අවසන් වරට බදවාගෙන ඇත්තේ උසස් පෙළ කවර වර්ශයට අදාල සිසුන්ද?
- විද්‍යාපීඨ සදහා 2023 වර්ෂයේ පවත්වන උසස් පෙළ විභාගය පදනම් කරගෙන බදවා ගැනීම ප්‍රමාද වී තිබේද?
- එසේ ප්‍රමාද වී ඇත්නම් එම සිසුන් බදවා ගන්නා කාල වකවානු මොනවාද? යන ප්‍රශ්ණ යොමු කළේය.
එහිදී ඊට පිලිතුරු දුන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවේ, ශ්‍රී ලංකාවේ විද්‍යාපීඨ 20ක් පවත්නා බවයි. එමෙන්ම උසස් පෙළ ප්‍රතිඵල පදනම් කරගෙන බදවා ගත් අවසන් වසර 2022 වසරේ ප්‍රතිඵල මත බව ඇය පිලිතුරු ලබා දුන්නාය.
වැඩිදුරටත් අදාළ ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් අගමැතිනිය ප්‍රකාශ කර සිටියේ කුලියාපිටිය තාක්ෂණවේදී අධ්‍යාපන විද්‍යාපීඨය වෙත පළමු සිසුන් කණ්ඩායම ලෙස 2023 උසස් පෙළ ප්‍රතිඵල මත බදවා ගැනීම් සිදු කළ බව සදහන් කළාය.
එමෙන්ම කොවිඩ් කාලසීමාවේදී ඇතැම් විද්‍යාපීඨ අධ්‍යාපන කටයුතු සදහා වසා දමා නිරෝධායන මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක කිරීම මත එම කාලසීමාවේදී ප්‍රමාද වූ ප්‍රායෝගික අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීමට සිදු වූ හෙයින් නියමිතව තිබූ බදවා ගැනීම් කටයුතු ද ප්‍රමාද වූ බව පැවසුවාය.
විද්‍යාපීඨ නැවත භාර දීමේදී එහි වස්තූන් සොරකම් වී තිබීම හා හානි වී තිබීම මත අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට වීමද ප්‍රමාදයට කරුණක් බව සදහන් කළාය. ඒ ප්‍රමාදය නිවැරදි කිරීම සදහා එකවර උසස් පෙළ කණ්ඩායම් දෙක බැගින් බදවා ගැනීමට සිදුව ඇත.
මේ හේතුව මත 2024 වසරේ උසස් පෙළ වසර හතරකට අදාළ ශිශ්‍ය කණ්ඩායම් දෙකක් අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටීම මත නව කණ්ඩායමක් බදවා ගැනීම අපහසු කරුණක් බව ඇය පැහැදිලි කළාය.
ඒ අනුව 2025 වසරේදී 2023 හා 2024 උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මත සිසුන් කණ්ඩායම් දෙකක් එකවර බදවා ගැනීමට නියමිතව තිබූ අතර එම කණ්ඩායම පත්වීම් ලබන්නෙ 2029 වසරේ බව පැහැදිලි කළාය.