මේ පාසල් ලැයිස්තුවෙන් ඉවත් කරලා..ගුරු විදුහල්පතිවරුන්ට වැඩි කරලා දෙනවා කිව්ව දුෂ්කර දීමනාව අහිමි කරලා - ස්ටාලින්[VIDEO]

Report

පාසල් ගුරුවරුන්ගේ දුෂ්කර දීමනාව රු. 1500කින් වැඩි කරන බවට 2026 අයවැයෙන් පොරොන්දු වුවද මේ වන තුරු එය ඉටුකර නොමැති බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් චෝදනා කරයි.

එසේම යාපනේ දූපත් ඇතුළු ඇතැම් දුෂ්කර පාසල් දුෂ්කර ලැයිස්තුවෙන් ඉවත් කර මෙතෙක් ලැබුණු දුෂ්කර දීමනාවද අහිමි කර ඇති බව ඔහු පවසයි.

ඒ අනුව අයවැයෙන් ලබාදුන් කිසිදු පොරොන්දුවක් මෙතෙක් ඉටුකර නොමැති බවත් පොරොන්දු වූ පරිදි අදාළ දුෂ්කර දීමනා ලබා දී දැනට දුෂ්කර ලැයිස්තුවෙන් ඉවත් කර ඇති පාසල්වල ගුරුවරුන්ටද පෙර දුෂ්කර දීමනාව ගෙවන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බව ඔහු ප්‍රකාශ කරයි.

අද දහවල් 12 ට නව ආර්ථික සහන පැකේජයක් - දැනුම්දීමට ජනපති පාර්ලිමේන්තුවට එන බව බිමල් දන්වයි

අද දහවල් 12 ට නව ආර්ථික සහන පැකේජයක් - දැනුම්දීමට ජනපති පාර්ලිමේන්තුවට එන බව බිමල් දන්වයි

මේ අතර මාධ්‍යට අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

"වර්තමාන රජය 2026ට අදාළ අයවැයේදී දුෂ්කර පාසල් වල සේවය කරන ගුරු විදුහල්පතිවරුන්ගේ දුෂ්කර දීමනාව රුපියල් 1500කින් වැඩි කරන්න. මේ යෝජනාව සම්මත කරේ 2026 .1.1 සිට ක්‍රියාත්මක කරන්න. අද වෙනකල් ඒ වැඩිකරපු 1500 ඒ දුෂ්කර පාසල්වල ගුරුවරුන්ට ලබා දීලා නෑ. දුෂ්කර පාසල් සේවයේදී අපි දන්නවා විශේෂයෙන්ම කොළඹ රාජකීය විද්‍යාලයේ ගුරුවරයාටයි කැබිතිගොල්ලෑවේ මොණරාගල දුෂ්කර පාසලේ ඉන්න ගුරුවරයාටයි සමාන වැටුපක් තමයි ලැබෙන්නේ. නමුත් ඔවුන් දුෂ්කර පාසලක සේවය කරන නිසා දිරි ගැන්වීමක් ලෙස තමා දුෂ්කාර දීමනාව දෙන්නේ. අපි ඒ දුෂ්කර දීමනාව රු 15000න් වැඩි කරන්න කිව්වම අයවැයෙන් වැඩි කරේ රු 1500යි. දැනට අති දුෂ්කර නම් රු 2500යි ගෙවන්නේ දුෂ්කර නම් 1500න් මේක කොහෙටවත් ප්‍රමාණවත් නෑ. එතකොට මේක වැඩි කරා 1500න්. තව වෙනකල් ඒ මුදල ලබා දෙන්න කටයුතු කරලා නෑ. ඒ වගේම තමයි දැන් මේ වෙනකොට දුෂ්කර දීමනාව ලබමින් හිටපු පාසල් ගණනාවකත් දුෂ්කර දීමනාව අහිමි කරල තියෙනවාා තියෙනවා. යාපනයේ විශේෂයෙන්ම දූපත් ප්‍රදේශ තියෙනවා. අපි දන්නවා ඩෙල්ෆ් දූපතේ පාසල් අටක් තියෙනවා ළමයි 600ක් ඉන්නවා ගුරුවරු 94 දෙනෙක් ඉන්නවා. එතකොට දැන් මේ ඩෙල්ෆ් දූපතේ මෙතෙක් කල් දුෂ්කර දීමනාව ලබපු ඒ ගුරුවරුන්ගේ දුෂ්කර දීමනාව අහිමි කරල තියෙනවා. මොකක්ද හේතුව ඒ ඩෙල්ෆ් දූපතේ දුරකථන තියෙනවා පහසුකම් තියෙනවා කියලා. නමුත් ගුරුවරු යන්නේ යාපනේ සිට මොනතරම් භයානක ගමනක් ද ඔවුන් බෝට්ටුවල යන්නේ......"

ඉන්ධන මිලට සහනයක් දෙනවා - තෙල් තියෙන්නේ තව දවස් 55කට විතරයි - ජනපති පාර්ලිමේන්තුවේ පැහැදිලි කරයි

ඉන්ධන මිලට සහනයක් දෙනවා - තෙල් තියෙන්නේ තව දවස් 55කට විතරයි - ජනපති පාර්ලිමේන්තුවේ පැහැදිලි කරයි

අලුත් අවුරුද්දට සුබම සුබ ආරංචියක් - අනිද්දා ඉඳන් මේ දවස්වල බස්වල, කෝච්චිවල යන අයට විශේෂ දැනුම්දීමක්

අලුත් අවුරුද්දට සුබම සුබ ආරංචියක් - අනිද්දා ඉඳන් මේ දවස්වල බස්වල, කෝච්චිවල යන අයට විශේෂ දැනුම්දීමක්

අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,