ඉන්දියාවට ගෙනා ලෝක කුසලානයට මෝදි කරපු දෙයක් සමාජ මාධ්‍ය කළඹයි(PHOTOS).

Report

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම බ්‍රහස්පතින්දා ඇමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි පැවති ICC T20 ලෝක කුසලාන තරඟාවලිය ජයග්‍රාහණය කර ආපසු පැමිණීමෙන් පසු අගමැති නරේන්ද්‍ර මෝදි හමු වී තිබේ.

අවසන් තරගයෙන් පසු දින තුනක් බාර්බඩෝස් හි සිරවී සිටි ඉන්දීය කණ්ඩායම පෙරවරු 6:00ට නවදිල්ලියට ගොඩ බැස ඇති අතර පෙරවරු 11:00ට පමණ අගමැති මෝදි හමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයකු ගහපු ගේමක් මාට්ටු වෙයි...

ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයකු ගහපු ගේමක් මාට්ටු වෙයි...


එහිදී ඉන්දීය කණ්ඩායම අගමැති මෝදි සමඟ T20 ලෝක කුසලානය සමඟ ඡායාරූපවලට පෙනී සිටින විට සිදු වූ සිදුවීමක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට විශාල වශයෙන් සංසරණය වෙමින් පවතිනවා.

අගමැති මෝදි T20 ලෝක කුසලානයට අත නොතබන අතර නායක රෝහිත් ෂර්මා සහ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ගේ දෑත් අල්ලාගෙන සිටිම මෙහිදී දැක ගත හැකි වීම විශේෂත්වයක් වේ.

හෙට දිවයින පුරා සියලු පාසල් වැසෙයි?..යළි කරන්න යන දේ ගැන දැනුම්දීමක්..

හෙට දිවයින පුරා සියලු පාසල් වැසෙයි?..යළි කරන්න යන දේ ගැන දැනුම්දීමක්..


GalleryGalleryGalleryGallery